Maduonline

Keep in touch with everything..


අද වන විට ශ්‍රී ලංකාවේ ‍දුරකථන තාක්ෂණය වගේම භාවිතයත් ඉතා ඉහල ස්ථානයක් දක්වා පැමිණ තිබෙනවා. මීට වසර 5 කට පමණ පෙර තිබූ තත්වය නම් දුරකථන පහසුකම ගමකට ගෙවල් 2 කට පමණ සීමා උනා. තවද ජංගම දුරකථන භාවිතය ඉතාමත් අල්ප වශයෙනුයි පැවතියේ. නමුත් අද වන විට ජංගම දුරකථනයක් නැති කෙනෙක් හොයාගන්නත් බැරි තරම්. දැනට ශ්‍රී ලංකාවේ දළ වශයෙන් ජංගම දුරකථන භාවිතා කරන්නන් ගනන මිලියන 4.4 ක් පමණ වන බව සදහන්.

මෙම තරගකාරී වෙළදපොලට පසුගිය ජනවාරි මස 12 වනදා සිට තවත් ජාලයක් එක් උනා. Airtel නැමැති ඉන්දියානු පුද්ගලික සමාගම මෙලෙස සිය ජාලය ලංකාව තුලද ව්‍යාප්ත කලා. ආරම්භයේදී කොළඔ, ඇත්‍රලු තවත් දිස්ත්‍රික්ක කිහිපයක පමණක් ආවරණය කර තිබූ ඔවුන් මේ වන විට තවත් පළාත් කිහිපයක ආවරණ කිරීමේ කටයුතු වල නිරතවන බව දැනගන්නට ලැබුනා. Airtel නැමැති මෙම පස් වෙනි ජාලය ලංකාවේ ස්ථාපිත කිරීමට අවසර දුන් දින සිට ජාලය සිය සේවාව ආරම්භ කරන දින පිළිබද නිවැරදි දැනුම් දීමක් නොකෙරෑ අතර ජනතාව ඉවසුම් නැතුව බලා සිටියේ Airtel ජාලයේ ගාස්තු යයි කියමින් අන්තර්ජාලයේ සත්‍ය නොවන තොරතුරැ ජනයාට සමීප වීම නිසාය. එම ගාස්තු ගැන සිහින මැවූ ජනතාව Airtel සිය ගාස්තු පැවසූ වහාම සිය අප්‍රසාදය පළ කලා. කෙසේ වෙතත් මෙම ජාල අතර දැන් ඇතිව තිබෙන තරගය නිසාවෙන් මේ වන විට ජනතාවට විශාල වාසි කන්දරාවක් ලැබී තිබෙනවා.

මේ අත‍ර ශ්‍රී ලංකාවේ 6 වෙනි ජංගම දුරකථන ජාලයත් 5 වෙනි CDMA ජාලයත් වශයෙන් RTEC සමාගම ලංකාවේ ජංගම සහ CDMA ජාල අතරට ඉදිරි හය මසක කාලය තුල සම්ප්‍රාප්ත වීමට බලාපොරොත්තුවෙන් සිටී. මෙම පැමිණීමත් සමගම තවත් පෙරලියක් ඇතිවේ යයි දැන් ජනයා නැවතත් බලාපොරොත්තු තබා ගනියිද . . ?

Share

0 ප්‍රතිචාර:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය අපේ සතුටයි..!!