අප අන්තර්ජාලයේ වෙබ් අඩවි කීයක නම් දවසකට Register වෙනවා ඇත්ද. 10ක් 20ක් හෝ සමහරවිට ඊටත් වැඩි වෙන්න පුලුවන්. එහිදී ඔබ සමහර විට Password අමතක වීම වලක්වා ගන්නට එකම Password එක හැම තැනටම භාවිතා කරනවත් ඇති.. නමුත් මෙසේ වෙබ් අඩවි කිහිපයකට එකම Password එක භාවිතා කිරීම ඇගට ගුණ නැති බව කියන්නට ඕන. මොකද කියනවනම්, අපි එසේ ඇතුලු කරන Password බලන්නත් සමහර Site වල අය ඉන්නව (බොහෝ අඩවි වල නොවේ). එසේ අප ඇතුලු කරන Password එකක් අප අපගේ Facebook, Gmail, Yahoo හෝ වෙනත් වටිනා site වල යොදාගෙන ඇතිනම් ඔවුන් ඒවාට ඇතුල් වී අපගේ තොරතුරු ලබාගැනීම්, අනවසර ඇතුලුවීම් පවා සිදුකරන අවස්ථා දැක ඇත.. මා මෙසේ කියන්නේ, ඉතා ආසන්න අත්දැකීමක්ද ඇතුවයි.. ඉතිං මේ කරදරයට හොදම විසදුමක් තමයි Password Reminding මෘදුකාංගයක් හෝ ඇඩෝනයක් භාවිතා කිරීම..
එවැනි ඉතා ක්‍රියාකාරී සේවාවක් හැටියට හදුන්වන්න කැමතියි, LastPass සේවාව.. එම සේවාව Safari, Google Chrome, Internet Explorer, Firefox සමග ඉතා පහසුවෙන් භාවිතා කිරීමට හැකියාව ඇත. මෙමගින් ලැබෙන වාසි ගැන කිව්වොත්, මෙය භාවිතා කරද්දි අපට Password මතක තබාගැනීමට අවශ්‍ය නොවේ. අප වෙබ් අඩවියකට පිවිසෙන විටම LastPass මගින් Save කර ඇති Username හා Password ඉබේම Login form එකට ඇතුලුවේ.. තවද, එකම Site එකක අපට Account දෙකක හෝ කිහිපයක උනත් Password ගබඩා කර තැබීම කල හැකියි. තවද, අපගේ පුද්ගලික තොරතුරු පවා ඉබේම පෝරමයට ලැබීම (Auto form fill) ද ඉතා වටිනා කාර්‍යකි..මෙය භාවිතා කිරීමට අප සතුව LastPass Account එකක් තිබිය යුතුයි. එය වෙබ් අඩවියෙන් හෝ ඔබ බාගත කරන ඇඩෝනයෙන් හෝ ලබාගත හැක. තවද, මෙම Account එකේ Password එක නම් ඉතා ශක්තිමත් හා මතකයේ තිබීම ඉතාමත් වැදගත්.
අප වෙබ් අඩවියක Login වූ සැනින් ම මෙම රූපයේ පරිදි එම Password එක Save කරන්න දැයි අපෙන් විමසයි. Save site මගින් එය Save කරගත හැකියි..මම මුලින් කී පරිදි එකම Password එක සෑම තැනටම දීමට වඩා, Secure Password Generator මගින් Password එකක් ලබාගෙන එය ලබාදීම කල හැකිය.. මෙම පහසුකම යටතේ ඔබ කොතැනක සිටියත්, LastPass රහස් අංකය මතකනම් තමන්ගේ Password මතක් කරමින් අන්තර්ජාල ගවේශනය කල යුතු නැත.. මෙම සේවාව ඔබ දැනට භාවිතා කරන්නේ නම්, හෝ ගැටලු ඇතිනම් ඒ සියලුම දේ ප්‍රතිචාර යටතේ බෙදාගන්න...
Share

