Maduonline

Keep in touch with everything..


අද වන විට ශ්‍රී ලංකාවේ ‍දුරකථන තාක්ෂණය වගේම භාවිතයත් ඉතා ඉහල ස්ථානයක් දක්වා පැමිණ තිබෙනවා. මීට වසර 5 කට පමණ පෙර තිබූ තත්වය නම් දුරකථන පහසුකම ගමකට ගෙවල් 2 කට පමණ සීමා උනා. තවද ජංගම දුරකථන භාවිතය ඉතාමත් අල්ප වශයෙනුයි පැවතියේ. නමුත් අද වන විට ජංගම දුරකථනයක් නැති කෙනෙක් හොයාගන්නත් බැරි තරම්. දැනට ශ්‍රී ලංකාවේ දළ වශයෙන් ජංගම දුරකථන භාවිතා කරන්නන් ගනන මිලියන 4.4 ක් පමණ වන බව සදහන්.

මෙම තරගකාරී වෙළදපොලට පසුගිය ජනවාරි මස 12 වනදා සිට තවත් ජාලයක් එක් උනා. Airtel නැමැති ඉන්දියානු පුද්ගලික සමාගම මෙලෙස සිය ජාලය ලංකාව තුලද ව්‍යාප්ත කලා. ආරම්භයේදී කොළඔ, ඇත්‍රලු තවත් දිස්ත්‍රික්ක කිහිපයක පමණක් ආවරණය කර තිබූ ඔවුන් මේ වන විට තවත් පළාත් කිහිපයක ආවරණ කිරීමේ කටයුතු වල නිරතවන බව දැනගන්නට ලැබුනා. Airtel නැමැති මෙම පස් වෙනි ජාලය ලංකාවේ ස්ථාපිත කිරීමට අවසර දුන් දින සිට ජාලය සිය සේවාව ආරම්භ කරන දින පිළිබද නිවැරදි දැනුම් දීමක් නොකෙරෑ අතර ජනතාව ඉවසුම් නැතුව බලා සිටියේ Airtel ජාලයේ ගාස්තු යයි කියමින් අන්තර්ජාලයේ සත්‍ය නොවන තොරතුරැ ජනයාට සමීප වීම නිසාය. එම ගාස්තු ගැන සිහින මැවූ ජනතාව Airtel සිය ගාස්තු පැවසූ වහාම සිය අප්‍රසාදය පළ කලා. කෙසේ වෙතත් මෙම ජාල අතර දැන් ඇතිව තිබෙන තරගය නිසාවෙන් මේ වන විට ජනතාවට විශාල වාසි කන්දරාවක් ලැබී තිබෙනවා.

මේ අත‍ර ශ්‍රී ලංකාවේ 6 වෙනි ජංගම දුරකථන ජාලයත් 5 වෙනි CDMA ජාලයත් වශයෙන් RTEC සමාගම ලංකාවේ ජංගම සහ CDMA ජාල අතරට ඉදිරි හය මසක කාලය තුල සම්ප්‍රාප්ත වීමට බලාපොරොත්තුවෙන් සිටී. මෙම පැමිණීමත් සමගම තවත් පෙරලියක් ඇතිවේ යයි දැන් ජනයා නැවතත් බලාපොරොත්තු තබා ගනියිද . . ?

Share

ජීවිතය කියන්නේ අපට අපේ සංසාර ගමනේදී හමුවන තවත් දෙයක් පමණක්ද? ටිකක් හිතන්න. . අපේ සංසාර ගමන කොතරම් දීර්ඝ ද කියන්න අපි කාටවත් බෑ වගේම, අපට ලැබී ඇති ජීවිතයත් කෙතරම් කාලයකට ද යන්න අප සියලු දෙනාම නොදන්න ‍දෙයක්. නමුත් අප ජීවත් වන කාලය තුල අප කරන, කියන දේ මගින් අපට, අපගේ මේ ජීවිතය සාර්ථක වූත් ලස්සන හා ප්‍රීතිමත් එකක් කරගැනීමට පුලුවන්. නමුත් එය එසේ වීමට නම් අප කල යුතු වන දේ අති විශාලයි. ඒත් අමාරැ නෑ. එයින් ටිකක් කිව්වොත්, එකක් තමයි අනුන්ට කරදරයක්, වරදත් නොකර, අපගේ ජීවිතයේ එක එක කාලසීමාවන්තුල කල යුතු වන දේ අතපසු නොකර, නිවැරදිව අවබෝධයෙන් කලහොත් අපට අප‍ගේ ජීවිතයේ විවිධ කාලසීමාවන් සාර්ථක කරගෙන ජීවිතයත් අති සාර්ථක, ආලෝකමත්, ප්‍රීතිමත් හා වඩාත් දීප්තිමත් ජීවිතයක් බවට පරිවර්ථනය කර ගැනීමට හැකිවනු ඇත.

උදාහරණයක් වශයෙන් බලන්න, අපගේ ළමා කාලය ගත්විට , එම කාලයට පමණක් ගතහැකි වන අධ්‍යාපනයන් නිවැරදිව, අවබෝදයෙන් කලහොත්, එම කාලයේදී අධ්‍යාපනික ජයග්‍රහණ ලබාගන්නට හැනිවන අතරම එමගින් අනාගතයත් සාර්ථක වෙන‍වා නොවේද . . ?

එම නිසා ඔබත්, දැන් ඔබ සිටින්නේ ජීවිතයේ කුමන අවධියේ වූවත්, එම කාලයේදී ඔබට කිරීමට ඇති වැදගත් ම කාර්යය තෝරාගෙන එය සාර්ථකව කලහොත් එය මුලු ජීවිතයම සාර්ථක වීමට හේතු වනු ඇත. ජීවිතයේ ඒ ඒ කාලයන් තුලදී කිරීමට ඇති දේ අතපසු කිරීම මගින් පසු කලකදී ජීවිතය නැතිකරගැනීමට පවා යොමුවෙන අයද අද අප අතර නැතුවා නොවේ.

එබැවින් ඔබ නුවණ බාවිතා කර තලෙය අපතේ නොයවා අනාගතය ලස්සන කරගැනීමට, අද දිනයේදී කල හැකි දේ අතපසු නොකර කරන්න උත්සහ ගෙන ජීවිතය ජයගත්ත.


Share