Maduonline

Keep in touch with everything..

දැන් දැන්, ජංගම දුරකථන භාවිතා කරන්නන් සංඛ්‍යාව වැඩි උනත්, සෑම දෙනා අතම ජංගම දුරකථනයක් තිබුනත්, අපට කෙනෙකු ඇමතීමට අවශ්‍ය වූ විට බොහෝවිට මතුවන්නා වූ ගැටලුවක් තමයි ඔහු හෝ ඇය දුරකථන අංක‍ය වෙනස් කිර තිබීම.. එසේ අංකය මාරු කිරීමට හේතු සාධක වන්නා වූ කරුණු කාරණා නම් විවිධාකාරයි.. නමුත් කෙනෙකු තම ජංගම දුරකථන අංකය වෙනස් කර‍න්නේ දැනට භාවිතා කරන්නා වූ ජාලය මාරු කිරීමට ඇතිවන අවශ්‍යතාවය මත නම්, ඉදිරියේදී එසේ නොවන්නට ඉඩ ඇත..

එසේ කියන්නට හේතුව නම්, ලාංකිකයින්ට සිය ජංගම දුරකථනයේ අංකය වෙනස් නොකර තමන්ගේ සේවා ජාලය වෙනස් කරගැනීමට හැකියාව (Mobile Number Portability) ලබා දීමට සූදානමක් ඇති බව ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමක කොමිසම නිල පුවතක් මගින් සිය වෙබ් අඩවිය තුල දක්වා තිබීමයි.. ඔවුන් එහිදී, ලාංකීය ජංගම දුරකථන සමාගම් වලට මේ පිළිබද සිය අදහස් මැයි මස වන විට එලි දක්වන ලෙසද ඉල්ලීමක් කර තිබෙනු දැකගත හැකි විය..

මෙම ක්‍රමය දැනට ලෝකයේ අති විශාල රටවල් ගණනක භාවිතා ‍කෙරෙන අතර, Australia, Hong Kong, India, Malaysia, New Zealand, Pakistan, Singapore, Taiwan, Thailand වැනි රටවල් ඒ සදහා ආසියා ශාන්තිකර නිදසුන්ය. සමහර රටවල මෙම ජාල හුවමාරු වීමේදී, ගාස්තුවක් අය කරන අතර තවත් රටවල නොමිලයේම හුවමාරු විය හැකිය.. තවද ජාල අතර හුවමාරු වීමට ගතවන කාලය, රටින් රටට වෙනස් වන දින 1 සිට මාස 2 දක්වාම විවිධ කාල පරාසයන් දක්නට ලැබේ.. උදාහරණයක් හැටියට නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ කිසිදු මිලක් අය නොකර එක දිනයෙන් මෙම ජාල හුවමාරුව කරගත හැකිවන විට,  ඩෙන්මාර්ක වැසියෙකුට DKK 25ක් ගෙව්වද ජාල හුවමාරු වීමට දින 30 ත් 60 ත් අතර කාලයක් බලා සිටීමට වෙයි..


අප ලංකාව තුලත් මෙම සේවාව ආරම්භ වුවහොත්, මෙම අංක මාරුවීමේ කලාවට හේතු වන තවත් කරදරයක් නැතුව යනු ඇත.. තවද, මෙම හදුන්වාදීමත් සමග තව තවත් අමතර වාසි රැසක් පාරිභෝගිකයන්ට හිමිවන බව ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමක කොමිසම සිය පුවතින් වැඩි දුරටත් කියා සිටී.. තවද ජීවිතයේ පැරණි සම්බන්ධතා එසේම පවත්වාගෙන යාමට මෙම සේවාව මහත් රුකුලක් වනු ඇතැයි විශ්වාසය තැබිය හැක. කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය තොරතුරු තාක්ෂණයේ හා සන්නිවේදන ක්ෂේත්‍රයේ උන්නතිය ‍උදෙසා මෙවන් නව සේවාවන් ලාංකික ජනයාට හදුන්වාදීමට ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමක කොමිසම ඇතුලු අදාල අයවලුන් ක්‍රියා කරනු ඇතැයි, අද වගේම ඉදිරියටත් අප විශ්වාසය තබමු නේද..?

Share

ද කාලේ සිංහල කතා කරන කියවන හා ලියන්න කැමති, ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්නේ සිංහල යුනිකේත වලින් ටයිප් කරන්න පුරුදු නැති එක.. ඉතිං සමහර අය Singlish වලින් ටයිප් කරලා ඒක සිංහලට හරවගන්න බවත් සුප්‍රසිද්ධ රහසක් නොවැ.. ඉතිං ඔය අතරේ මගෙ නෙත ගැටුනු තැනක් ගැන තමයි මෙම කුඩා ලිපියෙන් කියන්න ලෑස්ති උනේ. මේක Google හරහා බිහිවෙන සේවාවක්. එය නම්.....

Share

Facebook හරහා මුළු ලෝකය පුරාම නව සම්බන්ධතා ලක්ෂ හෝ මිලියන හෝ ගනනින් බිහිවෙමින් පවතින යුගයක අප ජීවත් වන බව අපි සැම දෙනාම දන්න දෙයක්, ඒ අතරම Facebook සමාජ සම්බන්දීකරණ අඩවිය දවසින් දවස අතිශය දියුණු වෙමින් පවතී.. අද වන විට එය භාවිතා නොකරන අන්තර්ජාල භාවිතා ක‍රන්නෙක් නැති තරම්ය.. ලොකු, කුඩා, බාල, මහලු / ගැහැනු, පිරිමි ඔය සෑම දෙනෙක්ම දැන් Facebook හෙවත් "මුහුණු පොතට" තම මුහුණත් ඇතුලු කර ඇත.. ඒ අතර එකම මුහුණ දෙතුන් පාරටත් වඩා හමුවන අවස්ථාද නැතුවම නොවේ...


කෙසේ වෙතත් අද මම කියන්නට යන්නේ Facebook කරන්න යන නවීකරණයක් පිලිබදවයි.. මෙයින් අපගේ Profile එක තවත් සංකීර්ණ තත්වයකට පත්වෙන බවනම් පැහැදිලිය.. තීරණය නම්, අපගේ Profile එක යටතේ ‍ඇති, Likes and Interests යටතේ අප ලබාදෙන දේ වලට වැඩි අරුතක් ලබා දීමයි..

එනම් උදාහරණයක් වශයෙන් Favorite Music යටතේ ඔබ "Johnny Cash" යයි ලබාදුන්නේ නම්, Facebook විසින් ඉබේම ඔහුගේ Fan Page එක සොයා දී Fan කෙනෙක් නොවන්නේ නම් Fan කෙනෙක් විය යුතු දැයි අසයි. අවශ්‍ය නම් මෙම සබදතා Profile එකෙන් සගවා තැබීමටද අවස්ථාව 'Privacy Settings' යටතේ දී පුළුවන් බවත් ඔවුන් පවසයි. නමුත් අදාල Fan Page එකට ඔබේ නම ඉබේම ඇතුලත් වනු ඇත..


Community Pages
මෙලෙස හැදින්වෙන්නේ, අප මෙම Likes and Interests යටතේ ලබාදෙන සියළුම දෙවල් වෙනුවෙන් වෙන්වන Facebook Pages ය. මේවාටද "Become a Fan" වෙනුවට ඇත්තේ "Like" නැමැති බොත්තමකි.. ඒ අනුව ඔබ Likes and Interests තුල ඇතුළු කරන දේට කැමැත්තක් ඇති සියළුම අය මෙම Page එක තුළදී ඔබට දැකගැනීමට, කතා කිරීමට හැකි වනු ඇති. තවද එම විනෝදාංශයට හෝ අදාල ක්‍රියාවට සම්බන්ධ සියළුම තොරතුරු එම පිටුව හරහා ඔබට ලබා ගත හැකිවේ.. මුල් කාලයේ මෙම පිටුවලට Wikipedia තොරතුරු ඇතුලත් ‍වන අතර ඉදිරියේදී, ඒවා වෙනස් කිරීමට හා තවත් තොරතුරු ඇතුළු කිරීමටද හැකියාව ලබාදීමට බලාපොරොත්තු වන බව අදහසයි...

තවත් අයුරකින් බැලුව හොත්, කලින් අප Fan කෙනෙකු වන Pages වෙනම පහලින් ‍පෙන්නුවද දැන් ඒවා Likes and Interests යටතේම දිස් වේ යයි විශ්වාස කරමි.  තවද, අප ඕනෑම Facebook Fan page එකක  "Become a Fan" වෙනුවට ඇති "Like" විදානය දුන් විට එම පිටුවද Profile එකේ අදාල කොටස තුල දර්ශනය වනු ඇත.. ඒ අනුව අප ගායකයෙකුගේ Fan Page එකක් හා සම්බන්ධ වුන හොත් එය Favorite Music යටතේ පෙන්විය යුතුය... මෙම වෙනස Facebook තුල සෑහෙන්න වෙනසක් සිදුවන දෙයක් බව බොහෝ දෙනාගේ  ‍මතයයි.. මේ වන විට ‍මෙම වෙනස් කම  ඔබගේ ගිණුම තුලත් දැකගත හැකි විය යුතුය.. එය අත්හදා බලා මෙහි ප්‍රතිචාර යටතේ ඔබේ අදහසත් පලකරන්න අමතක කරන්න එපා...

සැ.යු.. මෙම තොරතුරු සියල්ලක්ම විවිධ අඩවි (English) වලින් හා Facebook Blog Post එකකින් කියවා ගත් ඒවා නිසා, මෙහි ‍තොරතුරු වල සුළු වෙනස්වීම් විය හැකි බවද වටහා ගනු මැනවි.. මේ ගැන ඔබේ සිතුවිල්ලත් මෙහි ප්‍රතිචාරයක් ලෙස එකතු කරන්න...
Share

ශ්‍රී ලංකාවේ විශාලම ජංගම දුරකථන සේවා සපයන්නා ලෙස සලකන ඩයලොග් ටෙලිකොම් ආයතනයත් ලගදී  ඔවුන්ගේ ප්‍රධාන නාමය වන Axiata ලෙස නාමීකරනය වන බව පුවත් වාර්ථාවන් කියා සිටී.... මෙම සමාගම පෙර TM International ලෙස පැවත ඇති අතර 2009 වර්ෂයේදී, එය Axiata Group ලෙස නාමීකරනය විය. මෙහි සවිස්තර තොරතුරු තවමත් දක්නට නැත. වැඩි තොරතුරු සදහා මෙම පුවත කියවන්න. http://www.lankabusinessonline.com/fullstory.php?nid=320971381
Share

පේ අසල්වැසි ඉන්දියාව තුල තවමත් 3G තාක්ෂණය වැජ‍‍බෙමින් තිබුනද, ඉන්දියානු රජයට නම් 3G තාක්ෂණය ට එහා යමක් සිය ජනතාවට අත්විදීමට අවස්ථාව ලබාදීමට අවශ්‍යව ඇත.. මේ හේතුව මත ඉන්දියානු රජය මේ දිනවල 4G ජංගම දුරකථන සිය ජනයා අතර ව්‍යාප්තියට අත හිත දීමට කැමැත්ත ප්‍රකාෂ කර තිබේ. ඉන්දියාවේ සන්නිවේදන ක්ෂේත්‍රය භාර ඇමතිවරයා (ඒ.රාජා) මේ පිලිබදව නිවේදනයක් Hindustan Times වෙත ලබාදෙමින් සිය රට මේ සම්බන්ධව දැනුවත් කර තිබුනා.. ඔහුගේ ප්‍රකාෂය පුරාම සදහන්ව තිබුනු කාරණය නම්, මෙම පියවර හරහා ඉන්දියාව අන්තර්ජාල තාක්ෂණයේ නව යුගයකට පිවිසෙනු ඇති බවටයි..

ඉන්දියාව හැකි ඉක්මනින්ම මෙම 4G තාක්ෂණය කරා පිවිසෙන්න අදහස් කරන බව හැගෙන්නේ ඔහුගේ "I do not want any delay in 4G services. We should be with the rest of the world in 4G," සහ "Once TRAI submits its recommendations, the government will work on it," ලෙස තිබුනු ඒ.රාජා (ඉන්දියාවේ සන්නිවේදන ක්ෂේත්‍රය භාර ඇමති) ගේ මෙම ප්‍රකාෂ ‍වලිනි, මෙහි TRAI යනුවෙන් සදහන් වන්නේ, The Telecom Regulatory Authority of India යන්නයි... එනම් ඉන්දියානු දුරකථන නියාමක අධිකාරිය මෙයට කැමැත්ත හා පියවර ගත් සැනින්ම ඉන්දියාව තුල හැකි ඉක්මණින් මෙම සේවාවවන් ව්‍යාප්ත කිරීමට ඔවුන්ගේ කැමැත්ත බවද පෙනේ.. 


ඔවුන් මෙම තාක්ෂණය ගෙන ඒමෙන් ජංගම දුරකථන වලටත් අධිවේගි අන්තර්ජාල සේවා ලබාදීමට හැකිවීම තුලින් පරිගණක නැති හා ජංගම දුරකථන පමනක් භාවිතා කරන සාමාන්‍ය මට්ටමේ අති විශාල පිරිසකට අධි වේගි අන්තර්ජාල පහසුකම් අත්විදීමට අවස්ථාව ලබාදීමට වඩාත් කැමැත්තෙන් සිටින බව පවසයි. තවද TV Broadcasting හා Online Games වල තිබුනාට වඩා 10 ගුණයක වේගයක් මෙම දියුණුව හරහා ඔවුන් බලාපොරොත්තු වේ.. මෙහි තවත් සවිස්තරාත්මකව තොරතුරු කියවීමට අවශ්‍ය නම්, http://www.bangkokpost.com/breakingnews/174722/india-plans-4g-mobile-sale වෙත පිවිසෙන්න..
Share


දශක තුනක පමණ කාලයක් ත්‍රස්ථවාදයෙන් මැකී ගොස් තිබූ ඒ සාමය නැවතත් ලැබ, උතුරේ දමිල අයත් දකුණේ සිංහල අයත් එක්ව සමරන්නට සූදානම්වූ හා තවත් පැය කිහිපයකින් අරඹන්නාවූ, සිංහල හා හින්දු අළුත් අවුරුද්ද මාගේ සිංහල බ්ලොග් මිතුරු කැලට හා සිංහල යුනිකොඩ් සයිබර් කලාපයටම සාමය, සතුට, ‍සොම්නස, සාර්ථකත්වය, ආදරය ඇතුලු සියළුම සිතන පතන දේ එපරිදිම ඉටුවන්නා වූ සර්ව සුභ වසරක් වේවායි එක සිතින් පතමි..!!!!


නව වසරේදී හෝ නව පාර්ලිමේන්තුව තුලින්වත් ලාංකීය තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රය දියුණුවෙන් දියුණුවට පත්වේවා යයිද පතන්නට කැමැත්තෙමි... එහෙනම්, මම මගේ ඊලග ලිපිය නව වසරේදී ටයිප් කරන්නට පොරොන්දු වෙමින් මෙසේ පරණ අවුරුද්දේ බ්ලොග් කරණ කටයුතු නිල වශයෙන් අවසන් කරන්නෙමි.. ;)
Share

දැනට ප්‍රසිද්ධම හා වැඩිම භාවිතයක් ඇති Google Adsense හා Yahoo ඇතුළුව තවත් දැන්වීම් සපයන්නන් දැන්වීම් සොයනු ලබන්නේ අප සිටින වෙබ් අඩවියේ අන්තර්ගතයට සාපේක්ෂව, ඒ හා ගැලපෙන දැන්වීම් තෝරා ගැනීමෙනි.. දැන් ඔවුන්ගේ නවතම පියවර වන්නේ, වෙබ් අඩවි වල පෙන්වන දැන්වීම් එම වෙබ් අඩවියට අදාලව කෙසේ වෙතත්, අඩවියට පිවිසෙන අයගේ ඉතිහාස වෙබ් ගවේෂණයන් අනුව තීරණය කිරීමටයි. එනම් අප එම අඩවිය පූර්ණය කිරීමට කලින් පිවිසුනු අඩවි හා සම්බන්ධ දැන්වීම් ලබා දීමවේ.. ඒ අනුව අප සිටින අඩවිය‍ට සම්බන්ධ දේ නොව අප වැඩි උනන්දුවක් දක්වන මාතෘකා වලට ගැලපෙන දැන්වීම් අප අඩවි තුලින් දකින දැන්වීම් වල දැකගත හැකි වනු ඇත..

උදාහරණයක් වශයෙන්, අප කැමරාවක් හෝ ජංගම දුරකථනයක් හෝ අන්තර්ජාලයෙන් මිලදී ගැනීමක් සිදුකල හොත්, ඉන් පසුව අප පිවිසෙන අඩවි වල දැන්වීම් අපට පෙන්වන්නේ ඊට අදාල අමතර උපකරණ වල දැන්වීම් විය හැකියි.. (කැමරා කාච, දුරකථන කවර හෝ එවැනි උපාංග වලට අදාල දැන්වීම්) එය සිදුවන්නේ අප යම් වෙබ් පිටුවක් විවෘත කිරීමට විධානය දුන් විට මිලි තත්පර ගණනකදී, අපගේ ඉතිහාස සටහන් පිරික්සීමෙන්, ඒ අදාල දැන්වීම් තෝරාගැනීමය..

මෙම පියවර හරහා ‍බොහෝ දැන්වීම් ඵල කරන්නන්ට (අප, ඔබ වැනි අයට) වගේම දැන්වීම් දිස්වන්නන්ටත් මහත් වාසියක් ලැබෙන බව Google, Yahoo හා එවැනි ආයතන වල මතයයි... ඔවුන් එසේ කියන්නේ, තමන්ගේ රුචිකත්වයට අදාල දැන්වීම් දැකීමට ලැබීම තුල කියවන්නා ඒවා ක්ලික් කිරීමට ඇති ඉඩකඩ වැඩි වීමත්, ඒ හරහා දැන්වීම පල කරන්නාට අදාල වාසිය හිමිවන බවත්ය.. බොහෝ දෙනෙක් මොවුන්ගේ මෙම තීරණයට තම ප්‍රසාධය පල කර ඇති බවද යම් යම් වෙබ් අඩවි තුල ඇති පුතිචාර හරහා දැකගත හැකිය..
මේ ගැන ඔබ සිතන්නේ කුමක්ද...? නරඔන්නන්ට, දැන්වීම් ප්‍රදර්ශනය කරන්නන්ට හා දැන්වීම් පල කරන්නන්ට මෙමගින් සෙතක් වෙයි නේද....????
Share

අවුරුදු කාලෙත් ළග ළගම එනවනේ.. මාතර නම් ඉතිං සුපුරුදු පරිදි හම්බානෙකට සෙනග.. වෙනදා වගේ දැන් බයිසිකලෙන් ගමන් යන්නත් ලේසි නෑ.. ;) කොහොම උනත් ඉතිං දැන්ම ගන්න දෙයක් ගන්න තරමට තමා හොද.. නැත්නම් තේරිලා තේරිලා, ඇදලා හැඩ බලලා තියෙන ඇදුම් තමා ඉතුරු වෙන්නේ.. ඒ නැතත් එන්න එන්නම සෙනග වැඩිවෙනවානේ... බොරු මොකටද මම නම් ගිය සැරේ ඒ පරිප්පුව හොදටම කෑවා.. ;)


මම දැන් කියන්න ආවේ සාප්පුවක් ගැනනේ.. ඔව් මේක Ebay සාප්පුවක්.. සිංහල හා දමිළ අවුරුද්ද නිසාදෝ ඔන්න Ebay අය විසින් http://fashion.ebay.com/ අඩවිය ලබන සදුදා නිල වශයෙන් විවෘත කරන බවට ආරංචියි.. මේකෙ ඉතිං ෂොපිං කරන්න ගියොත් අවුරුද්දක් ඉතුරු වෙයිද කියන එකත් ගැටලුවක් වෙන්න පුලුවන්. කොහොම උනත් විලාසිතා (Fashion) ආසාව / පිස්සුව තියෙන අයට එතනට ගියොත් බඩගිනි නම් වෙන එකක් නෑ..

මැතිවරණ නාඩගං තිබුනත් යුද ගිනි නැතිවට අවුරුද්ද හිතේ සැනසීමෙන් ජයටම සමරන්නට හැකි වේවායි පතන අතර, ගිණි කෙලි හා ගනුදෙනු කරද්දී ඊලග අවුරුද්දත් සමරන්න ආසාවක් ඇතිව පරිස්සම් සහිතව ඒවා කරන්න වගබලා ගනු මැනවි... ඒ ටික තමයි කියාගන්න ඕන උනේ.. එහෙනම් මම නවතිනවා. පොඩි Post එකකට මෙච්චර පිටුවක් Load කරගෙන ආවාට, මට බනින්නේ නැතුව පොඩි ප්‍රතිචාරයක් දක්වලා යන්න අමතක කරන්න එපා..
Share