Maduonline

Keep in touch with everything..

හැමදාම වගේ අදත් Google ගැනම පුවතක් ලියන්න උනාට සමාවෙන්න ඕන... (ගොඩක් අය මගෙන් අහනව මම Google ගැන විතරක්ම ලියන්නේ ඇයි කියල..) ඉතින් ඒකට Google පුවත් වැඩිවීම මිස වෙන හේතුවක් නම් නැහැ.. කොහොම උනත්, මේ Google Chrome වෙබ් ගවේශකයාගේ නව සංස්කරණ මුදාහැරීමක් පිලිබදවයි...

Google Chromeට ඔවුන්ගේ අවසන් මුදාහැරීම වූ Chrome 5 මගින් Opera 10.53 සංස්කරණයේ ගවේශන වේගය අභිබවා යන්නට නොහැකි වුනු බව සුප්‍රසිද්ධ රහසක් නොවැ... ඒ අනුව Google සිය සිහින වේගය ලබාදීමට මෙම සංස්කරණය ඉක්මණින්ම මුදා හරින්නට උත්සාහ දැරුවේ Opera ට දෙවෙනි විය නොහැකි නිසාය..

කෙසේ වෙතත් Chrome 5 ආරක්ෂාකාරී ගවේශනය අතින් නම් Opera 10.53 ට වඩා අති විශාල පරතරයකින් ඉහලින් වැජබීම Chrome හි ජයග්‍රහනයක් විය. එය එසේ නොවන්න Chrome ට ඇපත් නැති වන්නට ඉඩ තිබුනි.. ඒ අනුව මෙම සංස්කරණය එම ආරක්ෂාකාරී බව එසේම අති උසස් අන්දමින් පවත්වාගනිමින්, වේගය සැලකිය යුතු පමණින් දියුණු කර ඇති සංස්කරණයකි.. Google ආයතනය සිය දියුණු කිරීම් ගැන මෙසේ අදහස් දක්වයි.. "is much faster than the previous version at rendering JavaScript and is 30% faster as measured by V8, and 35% faster by SunSpider JavaScript benchmarks."

තවද මෙම සංස්කරණයේ Flash Player එක අමුතුවෙන් Install කරන්නට දෙයක් නැත. එනම් එය built in ලෙසම පැමිනෙන අතර එය ඉබේම යාවත්කාලින වීමද සිදුවේ.. එසේ කිරීමට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ, බොහෝ දෙනෙක් යාවත්කාලීන කිරීම් නිවැරදිව නොකිරීම නිසා අන්තර්ජාල ගවේශ‍නයේදී ඔවුන්ට විවිධ ගැටලු මතුවීම මගහරවාගැනීම බවයි...

මෙම සංස්කරණය http://www.google.com/intl/en/landing/chrome/beta/  මගින් හෝ http://www.filehippo.com/download_google_chrome/ මගින් ලබාගත හැකිය..

Share

න්තර්ජාලය හරහා අප ලබාගන්නා සේවා ගැන බැලුවහම, ඉන් ඉහලම තැනක් හිමිවන සේවාවක් තමයි Skype කියන්නේ.. මේ‍ක ගැන නොදන්නා කෙනෙකු නම්  මේක කියවන්න විදිහක් නෑ. නමුත් ඒ  ගැනත් සදහනක් කරන්නම්. Skype කියන්නේ තවත් Skype භාවිතා කරන්නෙකුට නොමිලේම හා ඕනෑම දුරකථනයකට යම් මුදලක් ගෙවා අන්තර්ජාලය හරහා ඇමතුම් ලබාගත හැකි සේවාවක්. මෙහි Voice / Video යන ඇමතුම් වර්ග දෙකම ලබාගන්න පුළුවන්.

Voice හා Text සංවාද සදහා කිහිප දෙනෙක් සම්බන්ධ විය හැකි වූවත්, Video සදහා සමූහ සංවාද මීට පෙර හා දැනටත් අවසර ලැබී නැත. නමුත් දැන් ඔබට ඒ ඉඩ කඩ ලැබෙමින් තිබේ.. එනම් ඉදිරි සති කිහිපය තුල මෙම පහසුකම ඔබට නොමිලයේම හිමිවනු ඇත.. ඒ කෙසේ වෙතත් මෙම සේවාව මුල් කාලයේදී නොමිලයේ දුන්නත්, ඉදිරි මාස දෙක තුන තුල තව තව සේවා සපයද්දී මේ සදහා යම් ගාස්තුවක් ගෙවිය යුතු වන බව ඔවුන් පවසයි... එනම් මෙම සේවාව ආරම්භක සමයේදී පමණක් නොමිලයේ අත්විදීමට ලැබෙන බවය.. කෙසේ වෙතත් අපට හැගෙන කරුන නම් මෙමගින් මෙම සේවාවට මිනිසුන් පිස්සු වට්ටවා ගෙන මුදල් අය කිරීමට පටන් ගත් විට එම සේවාව හා ඔවුන් සාර්ථක වන බව ඔවුන් සිතනවා ඇති කියායි...
Share

දිනෙන් දින දියුණු වන හා අන්තර්ජාල කරණය දියුනු කරනයට එක හෙලාම දායක වන සමාගමක් ගැන කිව්වොත් නිරායාසයෙන්ම මතක් වෙන්නේ දැනට වැඩිම කැමැත්ත ඇති විද්‍යුත් තැපෑල හා තවත් සේවා රාශියක් සලසන Google බව අමුතුවෙන් කියන්නට දෙයක් නෑ.. දැනට මාස දෙකක් පමණ ඉදන්ම ලෝකය හතර වටේම බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් සිටින දෙයක් තමයි මේ Google TV එක බලාගන්න...

ඔන්න ඉතිං ලගදීම ඒ බලාපොරොත්තු ඉටු වන බවයි ආරංචිය. මැයි මස 19 හා 20 යන දෙදින තුල San Francisco නගරය තුල Google දියුණු කරන්නන් 3000 කගේ පමණ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත Google හි වාර්ශික එක්වීමක් වන The Annual Google I/O Conference එකේදී මේ පිලිබද දිනයක් නියම වෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරයි.. මෙම සේවාවට අප Google TV යයි කිව්වට එය නිල වශයෙන් ස්ථිර වුනු නමක් ද නොවේ.. කෙසේ වෙතත් මෙම සේවාව හරහා චන්ද්‍රිකා හා කේබල් TV ක්‍රම බැහැර යන කලාවක් ලෝකය තුල හටගනීදෝ යන සැකය බොහෝ දෙනා තුල තිබෙන බව මෙම පුවත හා බැදෙන ප්‍රතිචාර තුල දක්නට ලැබේ. හැබැයි ඒක ලාංකික අපිට නම් කෙසේ සමීප වෙයිද යන්න තවමත් රහසක්.. දැනට අප සතුව ඇති අන්තර්ජාල සබදතා හරහා මෙය භාවිතා කරන්නට ලැබෙයිද යන්නත් ගැටලුවක්.. කෙසේ වෙතත් Google නම් මේ සදහා ලහි ලහියේම ලෑස්ති වන බව පේන්නට තිබෙන දෙයක්.. ඉතිං ඔහොම සූදානම් වෙන ගමන් දැන් Google සිය රූපවාහිණි ප්‍රචාරය සදහා දැන්වීම් පවා බාරගනිමින් සිටිනවා.. මේ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන එම දැන්වීම් හරහා ලැබෙනු ඇතැයි ද ඔවුන් විශ්වාසය පල කර තිබුනා..  දැනට ඇති ආරංචි අනුව නම් හැගෙන්නේ මෙම සේවාව අත්විදීමට මෙම මස අගදී සිය ප්‍රේක්ෂකයන්ට ලැබෙන බවයි.

 මෙම තාක්ශණට පිලිබද මට හැගෙන ආකාරයෙන් පැහැදිලි කිරීමක් කලහොත්, මෙය සාමාන්‍ය නිවසේ රූපවාහිනිය හරහා නරඔන්නට හැකියාව ඇති අන්තර්ජාලය හරහා දත්ත සම්ප්‍රේෂණය වන රූපවාහිනී ක්‍රමයක්.. මෙය අන්තර්ජාලයට හා සාමාන්‍ය රූපවාහිනියට සම්බන්ධ කරවන්නේ Google TV box නම් උපාංගය හරහායි. මෙය Intel Atom වර්ගයේ ප්‍රොසෙ‍සරයක්, Android මෙහෙයුම් පද්ධතියත් හා Logitech දුරස්ථ පාලකයකින් යුක්ත වන කට්ටලයකින් සමන්විත නිර්මාණයකි.. මෙම උපාංගය සවිකිරීමෙන්, නිවසේ රූපවාහිනිය බොහෝ ප්‍රධාන පහසුකම් වලින් යුතු පරිගණකයක් වනු ඇත.. එනම්, මේ මගින් අන්තර්ජාල ගවේශනය (Google Chrome මගින්) , විද්‍යුත් තැපෑල පිරික්සීම, චැට් කිරීම, වීඩියෝ නැරඔම් හා සමාජ ජාල අඩවි පිරික්සීම පවා රූපවාහිනිය හරහා  කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.. තවද Sony සමාගම ඉදිරියේදී රූපවාහිනී තුලම මෙම පහසුකම් සියල්ල ඇතුලත් කරීමට බලාපොරොත්තු වන බවද පවසා ඇත..

ඉතිං දිනෙන් දින මෙසේ දියුණු වන තාක්ෂණය තුල මේ යන විදියට පරිගණකය රූපවාහිනියක් වෙයිද නැත්නම් අපේ රූපවාහිනිය පරිගණකයක් වෙයිද කියා ඔබට කිව හැකිද..?? ;)
Share

දැන් දැන්, ජංගම දුරකථන භාවිතා කරන්නන් සංඛ්‍යාව වැඩි උනත්, සෑම දෙනා අතම ජංගම දුරකථනයක් තිබුනත්, අපට කෙනෙකු ඇමතීමට අවශ්‍ය වූ විට බොහෝවිට මතුවන්නා වූ ගැටලුවක් තමයි ඔහු හෝ ඇය දුරකථන අංක‍ය වෙනස් කිර තිබීම.. එසේ අංකය මාරු කිරීමට හේතු සාධක වන්නා වූ කරුණු කාරණා නම් විවිධාකාරයි.. නමුත් කෙනෙකු තම ජංගම දුරකථන අංකය වෙනස් කර‍න්නේ දැනට භාවිතා කරන්නා වූ ජාලය මාරු කිරීමට ඇතිවන අවශ්‍යතාවය මත නම්, ඉදිරියේදී එසේ නොවන්නට ඉඩ ඇත..

එසේ කියන්නට හේතුව නම්, ලාංකිකයින්ට සිය ජංගම දුරකථනයේ අංකය වෙනස් නොකර තමන්ගේ සේවා ජාලය වෙනස් කරගැනීමට හැකියාව (Mobile Number Portability) ලබා දීමට සූදානමක් ඇති බව ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමක කොමිසම නිල පුවතක් මගින් සිය වෙබ් අඩවිය තුල දක්වා තිබීමයි.. ඔවුන් එහිදී, ලාංකීය ජංගම දුරකථන සමාගම් වලට මේ පිළිබද සිය අදහස් මැයි මස වන විට එලි දක්වන ලෙසද ඉල්ලීමක් කර තිබෙනු දැකගත හැකි විය..

මෙම ක්‍රමය දැනට ලෝකයේ අති විශාල රටවල් ගණනක භාවිතා ‍කෙරෙන අතර, Australia, Hong Kong, India, Malaysia, New Zealand, Pakistan, Singapore, Taiwan, Thailand වැනි රටවල් ඒ සදහා ආසියා ශාන්තිකර නිදසුන්ය. සමහර රටවල මෙම ජාල හුවමාරු වීමේදී, ගාස්තුවක් අය කරන අතර තවත් රටවල නොමිලයේම හුවමාරු විය හැකිය.. තවද ජාල අතර හුවමාරු වීමට ගතවන කාලය, රටින් රටට වෙනස් වන දින 1 සිට මාස 2 දක්වාම විවිධ කාල පරාසයන් දක්නට ලැබේ.. උදාහරණයක් හැටියට නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ කිසිදු මිලක් අය නොකර එක දිනයෙන් මෙම ජාල හුවමාරුව කරගත හැකිවන විට,  ඩෙන්මාර්ක වැසියෙකුට DKK 25ක් ගෙව්වද ජාල හුවමාරු වීමට දින 30 ත් 60 ත් අතර කාලයක් බලා සිටීමට වෙයි..


අප ලංකාව තුලත් මෙම සේවාව ආරම්භ වුවහොත්, මෙම අංක මාරුවීමේ කලාවට හේතු වන තවත් කරදරයක් නැතුව යනු ඇත.. තවද, මෙම හදුන්වාදීමත් සමග තව තවත් අමතර වාසි රැසක් පාරිභෝගිකයන්ට හිමිවන බව ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමක කොමිසම සිය පුවතින් වැඩි දුරටත් කියා සිටී.. තවද ජීවිතයේ පැරණි සම්බන්ධතා එසේම පවත්වාගෙන යාමට මෙම සේවාව මහත් රුකුලක් වනු ඇතැයි විශ්වාසය තැබිය හැක. කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය තොරතුරු තාක්ෂණයේ හා සන්නිවේදන ක්ෂේත්‍රයේ උන්නතිය ‍උදෙසා මෙවන් නව සේවාවන් ලාංකික ජනයාට හදුන්වාදීමට ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමක කොමිසම ඇතුලු අදාල අයවලුන් ක්‍රියා කරනු ඇතැයි, අද වගේම ඉදිරියටත් අප විශ්වාසය තබමු නේද..?

Share