Maduonline

Keep in touch with everything..

හැමදාම වගේ අදත් Google ගැනම පුවතක් ලියන්න උනාට සමාවෙන්න ඕන... (ගොඩක් අය මගෙන් අහනව මම Google ගැන විතරක්ම ලියන්නේ ඇයි කියල..) ඉතින් ඒකට Google පුවත් වැඩිවීම මිස වෙන හේතුවක් නම් නැහැ.. කොහොම උනත්, මේ Google Chrome වෙබ් ගවේශකයාගේ නව සංස්කරණ මුදාහැරීමක් පිලිබදවයි...

Google Chromeට ඔවුන්ගේ අවසන් මුදාහැරීම වූ Chrome 5 මගින් Opera 10.53 සංස්කරණයේ ගවේශන වේගය අභිබවා යන්නට නොහැකි වුනු බව සුප්‍රසිද්ධ රහසක් නොවැ... ඒ අනුව Google සිය සිහින වේගය ලබාදීමට මෙම සංස්කරණය ඉක්මණින්ම මුදා හරින්නට උත්සාහ දැරුවේ Opera ට දෙවෙනි විය නොහැකි නිසාය..

කෙසේ වෙතත් Chrome 5 ආරක්ෂාකාරී ගවේශනය අතින් නම් Opera 10.53 ට වඩා අති විශාල පරතරයකින් ඉහලින් වැජබීම Chrome හි ජයග්‍රහනයක් විය. එය එසේ නොවන්න Chrome ට ඇපත් නැති වන්නට ඉඩ තිබුනි.. ඒ අනුව මෙම සංස්කරණය එම ආරක්ෂාකාරී බව එසේම අති උසස් අන්දමින් පවත්වාගනිමින්, වේගය සැලකිය යුතු පමණින් දියුණු කර ඇති සංස්කරණයකි.. Google ආයතනය සිය දියුණු කිරීම් ගැන මෙසේ අදහස් දක්වයි.. "is much faster than the previous version at rendering JavaScript and is 30% faster as measured by V8, and 35% faster by SunSpider JavaScript benchmarks."

තවද මෙම සංස්කරණයේ Flash Player එක අමුතුවෙන් Install කරන්නට දෙයක් නැත. එනම් එය built in ලෙසම පැමිනෙන අතර එය ඉබේම යාවත්කාලින වීමද සිදුවේ.. එසේ කිරීමට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ, බොහෝ දෙනෙක් යාවත්කාලීන කිරීම් නිවැරදිව නොකිරීම නිසා අන්තර්ජාල ගවේශ‍නයේදී ඔවුන්ට විවිධ ගැටලු මතුවීම මගහරවාගැනීම බවයි...

මෙම සංස්කරණය http://www.google.com/intl/en/landing/chrome/beta/  මගින් හෝ http://www.filehippo.com/download_google_chrome/ මගින් ලබාගත හැකිය..

Share

6 ප්‍රතිචාර:

මම දැනටමත් පාවිච්චි කරන්නෙ ක්‍රෝම් 5.0.326 Dev සංස්කරණය, දැන් තව update එකක් ඇවිල්ල කියල කියනව. හැබැයි මේකෙ හරියට ලෙඩ තියෙනව. :(

මම පාවිච්චි කරන්නේ Google Chrome 5.0.396.0 dev එක. ඒ කියන්නේ google-chrome-unstable හරහා ස්ථාපනේ කරපු එක. Beta ටත් වඩා කලින් එළියට දමන පරීක්‍ෂණාත්මක සංස්කරණයක් තමා Unstable කියන්නේ.

කොහොම උනත්, දිනපතාම මේකෙ updates එනවා, Google ලොක්කා මොන මොනවා අලුතින් දාලාද කියල බලන්න මමත් ඉතිං හැමදාම update කරනවා! :D

මටත් ඉස්සෙල්ල වැරදීමක් උනේ, මම පාවිච්චි කලේ 5.0.376.23 එක, අප්ඩේට්ස් ඩිසේබල් කලර තිබ්බෙ, අද තමා 5.0.396.0 වලට අප්ඩේට් කළේ. ඒත් මේවයෙ හරියට ලෙඩ, unstable නිසා. අප්ඩේට් කරල ඕපන් කරපු ගමන්ම struck උනා. :D

ඔව්... මහ ජංජාල ගොඩයි. 5.0.375 නම් අවුලක් නෑ නේද.. ඕක තාම දැම්ම විතරනේ. ටිකක් ලෙඩ දෙයි. unstable කියන්නේ නිකං නෙමෙයිනේ... ;)

කෙහොම උනත් කලින්ට වඩා නම් පට්ටම ස්පීඩ් දැන්... :D

මටනම් ෆයර්ෆොක්ස් තමා!

Post a Comment

ඔබේ ප්‍රතිචාරය අපේ සතුටයි..!!