Maduonline

Keep in touch with everything..

හැමදාම වගේ අදත් Google ගැනම පුවතක් ලියන්න උනාට සමාවෙන්න ඕන... (ගොඩක් අය මගෙන් අහනව මම Google ගැන විතරක්ම ලියන්නේ ඇයි කියල..) ඉතින් ඒකට Google පුවත් වැඩිවීම මිස වෙන හේතුවක් නම් නැහැ.. කොහොම උනත්, මේ Google Chrome වෙබ් ගවේශකයාගේ නව සංස්කරණ මුදාහැරීමක් පිලිබදවයි...

Google Chromeට ඔවුන්ගේ අවසන් මුදාහැරීම වූ Chrome 5 මගින් Opera 10.53 සංස්කරණයේ ගවේශන වේගය අභිබවා යන්නට නොහැකි වුනු බව සුප්‍රසිද්ධ රහසක් නොවැ... ඒ අනුව Google සිය සිහින වේගය ලබාදීමට මෙම සංස්කරණය ඉක්මණින්ම මුදා හරින්නට උත්සාහ දැරුවේ Opera ට දෙවෙනි විය නොහැකි නිසාය..

කෙසේ වෙතත් Chrome 5 ආරක්ෂාකාරී ගවේශනය අතින් නම් Opera 10.53 ට වඩා අති විශාල පරතරයකින් ඉහලින් වැජබීම Chrome හි ජයග්‍රහනයක් විය. එය එසේ නොවන්න Chrome ට ඇපත් නැති වන්නට ඉඩ තිබුනි.. ඒ අනුව මෙම සංස්කරණය එම ආරක්ෂාකාරී බව එසේම අති උසස් අන්දමින් පවත්වාගනිමින්, වේගය සැලකිය යුතු පමණින් දියුණු කර ඇති සංස්කරණයකි.. Google ආයතනය සිය දියුණු කිරීම් ගැන මෙසේ අදහස් දක්වයි.. "is much faster than the previous version at rendering JavaScript and is 30% faster as measured by V8, and 35% faster by SunSpider JavaScript benchmarks."

තවද මෙම සංස්කරණයේ Flash Player එක අමුතුවෙන් Install කරන්නට දෙයක් නැත. එනම් එය built in ලෙසම පැමිනෙන අතර එය ඉබේම යාවත්කාලින වීමද සිදුවේ.. එසේ කිරීමට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ, බොහෝ දෙනෙක් යාවත්කාලීන කිරීම් නිවැරදිව නොකිරීම නිසා අන්තර්ජාල ගවේශ‍නයේදී ඔවුන්ට විවිධ ගැටලු මතුවීම මගහරවාගැනීම බවයි...

මෙම සංස්කරණය http://www.google.com/intl/en/landing/chrome/beta/  මගින් හෝ http://www.filehippo.com/download_google_chrome/ මගින් ලබාගත හැකිය..

Share

න්තර්ජාලය හරහා අප ලබාගන්නා සේවා ගැන බැලුවහම, ඉන් ඉහලම තැනක් හිමිවන සේවාවක් තමයි Skype කියන්නේ.. මේ‍ක ගැන නොදන්නා කෙනෙකු නම්  මේක කියවන්න විදිහක් නෑ. නමුත් ඒ  ගැනත් සදහනක් කරන්නම්. Skype කියන්නේ තවත් Skype භාවිතා කරන්නෙකුට නොමිලේම හා ඕනෑම දුරකථනයකට යම් මුදලක් ගෙවා අන්තර්ජාලය හරහා ඇමතුම් ලබාගත හැකි සේවාවක්. මෙහි Voice / Video යන ඇමතුම් වර්ග දෙකම ලබාගන්න පුළුවන්.

Voice හා Text සංවාද සදහා කිහිප දෙනෙක් සම්බන්ධ විය හැකි වූවත්, Video සදහා සමූහ සංවාද මීට පෙර හා දැනටත් අවසර ලැබී නැත. නමුත් දැන් ඔබට ඒ ඉඩ කඩ ලැබෙමින් තිබේ.. එනම් ඉදිරි සති කිහිපය තුල මෙම පහසුකම ඔබට නොමිලයේම හිමිවනු ඇත.. ඒ කෙසේ වෙතත් මෙම සේවාව මුල් කාලයේදී නොමිලයේ දුන්නත්, ඉදිරි මාස දෙක තුන තුල තව තව සේවා සපයද්දී මේ සදහා යම් ගාස්තුවක් ගෙවිය යුතු වන බව ඔවුන් පවසයි... එනම් මෙම සේවාව ආරම්භක සමයේදී පමණක් නොමිලයේ අත්විදීමට ලැබෙන බවය.. කෙසේ වෙතත් අපට හැගෙන කරුන නම් මෙමගින් මෙම සේවාවට මිනිසුන් පිස්සු වට්ටවා ගෙන මුදල් අය කිරීමට පටන් ගත් විට එම සේවාව හා ඔවුන් සාර්ථක වන බව ඔවුන් සිතනවා ඇති කියායි...
Share

දිනෙන් දින දියුණු වන හා අන්තර්ජාල කරණය දියුනු කරනයට එක හෙලාම දායක වන සමාගමක් ගැන කිව්වොත් නිරායාසයෙන්ම මතක් වෙන්නේ දැනට වැඩිම කැමැත්ත ඇති විද්‍යුත් තැපෑල හා තවත් සේවා රාශියක් සලසන Google බව අමුතුවෙන් කියන්නට දෙයක් නෑ.. දැනට මාස දෙකක් පමණ ඉදන්ම ලෝකය හතර වටේම බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් සිටින දෙයක් තමයි මේ Google TV එක බලාගන්න...

ඔන්න ඉතිං ලගදීම ඒ බලාපොරොත්තු ඉටු වන බවයි ආරංචිය. මැයි මස 19 හා 20 යන දෙදින තුල San Francisco නගරය තුල Google දියුණු කරන්නන් 3000 කගේ පමණ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත Google හි වාර්ශික එක්වීමක් වන The Annual Google I/O Conference එකේදී මේ පිලිබද දිනයක් නියම වෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරයි.. මෙම සේවාවට අප Google TV යයි කිව්වට එය නිල වශයෙන් ස්ථිර වුනු නමක් ද නොවේ.. කෙසේ වෙතත් මෙම සේවාව හරහා චන්ද්‍රිකා හා කේබල් TV ක්‍රම බැහැර යන කලාවක් ලෝකය තුල හටගනීදෝ යන සැකය බොහෝ දෙනා තුල තිබෙන බව මෙම පුවත හා බැදෙන ප්‍රතිචාර තුල දක්නට ලැබේ. හැබැයි ඒක ලාංකික අපිට නම් කෙසේ සමීප වෙයිද යන්න තවමත් රහසක්.. දැනට අප සතුව ඇති අන්තර්ජාල සබදතා හරහා මෙය භාවිතා කරන්නට ලැබෙයිද යන්නත් ගැටලුවක්.. කෙසේ වෙතත් Google නම් මේ සදහා ලහි ලහියේම ලෑස්ති වන බව පේන්නට තිබෙන දෙයක්.. ඉතිං ඔහොම සූදානම් වෙන ගමන් දැන් Google සිය රූපවාහිණි ප්‍රචාරය සදහා දැන්වීම් පවා බාරගනිමින් සිටිනවා.. මේ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන එම දැන්වීම් හරහා ලැබෙනු ඇතැයි ද ඔවුන් විශ්වාසය පල කර තිබුනා..  දැනට ඇති ආරංචි අනුව නම් හැගෙන්නේ මෙම සේවාව අත්විදීමට මෙම මස අගදී සිය ප්‍රේක්ෂකයන්ට ලැබෙන බවයි.

 මෙම තාක්ශණට පිලිබද මට හැගෙන ආකාරයෙන් පැහැදිලි කිරීමක් කලහොත්, මෙය සාමාන්‍ය නිවසේ රූපවාහිනිය හරහා නරඔන්නට හැකියාව ඇති අන්තර්ජාලය හරහා දත්ත සම්ප්‍රේෂණය වන රූපවාහිනී ක්‍රමයක්.. මෙය අන්තර්ජාලයට හා සාමාන්‍ය රූපවාහිනියට සම්බන්ධ කරවන්නේ Google TV box නම් උපාංගය හරහායි. මෙය Intel Atom වර්ගයේ ප්‍රොසෙ‍සරයක්, Android මෙහෙයුම් පද්ධතියත් හා Logitech දුරස්ථ පාලකයකින් යුක්ත වන කට්ටලයකින් සමන්විත නිර්මාණයකි.. මෙම උපාංගය සවිකිරීමෙන්, නිවසේ රූපවාහිනිය බොහෝ ප්‍රධාන පහසුකම් වලින් යුතු පරිගණකයක් වනු ඇත.. එනම්, මේ මගින් අන්තර්ජාල ගවේශනය (Google Chrome මගින්) , විද්‍යුත් තැපෑල පිරික්සීම, චැට් කිරීම, වීඩියෝ නැරඔම් හා සමාජ ජාල අඩවි පිරික්සීම පවා රූපවාහිනිය හරහා  කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.. තවද Sony සමාගම ඉදිරියේදී රූපවාහිනී තුලම මෙම පහසුකම් සියල්ල ඇතුලත් කරීමට බලාපොරොත්තු වන බවද පවසා ඇත..

ඉතිං දිනෙන් දින මෙසේ දියුණු වන තාක්ෂණය තුල මේ යන විදියට පරිගණකය රූපවාහිනියක් වෙයිද නැත්නම් අපේ රූපවාහිනිය පරිගණකයක් වෙයිද කියා ඔබට කිව හැකිද..?? ;)
Share

දැන් දැන්, ජංගම දුරකථන භාවිතා කරන්නන් සංඛ්‍යාව වැඩි උනත්, සෑම දෙනා අතම ජංගම දුරකථනයක් තිබුනත්, අපට කෙනෙකු ඇමතීමට අවශ්‍ය වූ විට බොහෝවිට මතුවන්නා වූ ගැටලුවක් තමයි ඔහු හෝ ඇය දුරකථන අංක‍ය වෙනස් කිර තිබීම.. එසේ අංකය මාරු කිරීමට හේතු සාධක වන්නා වූ කරුණු කාරණා නම් විවිධාකාරයි.. නමුත් කෙනෙකු තම ජංගම දුරකථන අංකය වෙනස් කර‍න්නේ දැනට භාවිතා කරන්නා වූ ජාලය මාරු කිරීමට ඇතිවන අවශ්‍යතාවය මත නම්, ඉදිරියේදී එසේ නොවන්නට ඉඩ ඇත..

එසේ කියන්නට හේතුව නම්, ලාංකිකයින්ට සිය ජංගම දුරකථනයේ අංකය වෙනස් නොකර තමන්ගේ සේවා ජාලය වෙනස් කරගැනීමට හැකියාව (Mobile Number Portability) ලබා දීමට සූදානමක් ඇති බව ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමක කොමිසම නිල පුවතක් මගින් සිය වෙබ් අඩවිය තුල දක්වා තිබීමයි.. ඔවුන් එහිදී, ලාංකීය ජංගම දුරකථන සමාගම් වලට මේ පිළිබද සිය අදහස් මැයි මස වන විට එලි දක්වන ලෙසද ඉල්ලීමක් කර තිබෙනු දැකගත හැකි විය..

මෙම ක්‍රමය දැනට ලෝකයේ අති විශාල රටවල් ගණනක භාවිතා ‍කෙරෙන අතර, Australia, Hong Kong, India, Malaysia, New Zealand, Pakistan, Singapore, Taiwan, Thailand වැනි රටවල් ඒ සදහා ආසියා ශාන්තිකර නිදසුන්ය. සමහර රටවල මෙම ජාල හුවමාරු වීමේදී, ගාස්තුවක් අය කරන අතර තවත් රටවල නොමිලයේම හුවමාරු විය හැකිය.. තවද ජාල අතර හුවමාරු වීමට ගතවන කාලය, රටින් රටට වෙනස් වන දින 1 සිට මාස 2 දක්වාම විවිධ කාල පරාසයන් දක්නට ලැබේ.. උදාහරණයක් හැටියට නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ කිසිදු මිලක් අය නොකර එක දිනයෙන් මෙම ජාල හුවමාරුව කරගත හැකිවන විට,  ඩෙන්මාර්ක වැසියෙකුට DKK 25ක් ගෙව්වද ජාල හුවමාරු වීමට දින 30 ත් 60 ත් අතර කාලයක් බලා සිටීමට වෙයි..


අප ලංකාව තුලත් මෙම සේවාව ආරම්භ වුවහොත්, මෙම අංක මාරුවීමේ කලාවට හේතු වන තවත් කරදරයක් නැතුව යනු ඇත.. තවද, මෙම හදුන්වාදීමත් සමග තව තවත් අමතර වාසි රැසක් පාරිභෝගිකයන්ට හිමිවන බව ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමක කොමිසම සිය පුවතින් වැඩි දුරටත් කියා සිටී.. තවද ජීවිතයේ පැරණි සම්බන්ධතා එසේම පවත්වාගෙන යාමට මෙම සේවාව මහත් රුකුලක් වනු ඇතැයි විශ්වාසය තැබිය හැක. කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය තොරතුරු තාක්ෂණයේ හා සන්නිවේදන ක්ෂේත්‍රයේ උන්නතිය ‍උදෙසා මෙවන් නව සේවාවන් ලාංකික ජනයාට හදුන්වාදීමට ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමක කොමිසම ඇතුලු අදාල අයවලුන් ක්‍රියා කරනු ඇතැයි, අද වගේම ඉදිරියටත් අප විශ්වාසය තබමු නේද..?

Share

ද කාලේ සිංහල කතා කරන කියවන හා ලියන්න කැමති, ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්නේ සිංහල යුනිකේත වලින් ටයිප් කරන්න පුරුදු නැති එක.. ඉතිං සමහර අය Singlish වලින් ටයිප් කරලා ඒක සිංහලට හරවගන්න බවත් සුප්‍රසිද්ධ රහසක් නොවැ.. ඉතිං ඔය අතරේ මගෙ නෙත ගැටුනු තැනක් ගැන තමයි මෙම කුඩා ලිපියෙන් කියන්න ලෑස්ති උනේ. මේක Google හරහා බිහිවෙන සේවාවක්. එය නම්.....

Share

Facebook හරහා මුළු ලෝකය පුරාම නව සම්බන්ධතා ලක්ෂ හෝ මිලියන හෝ ගනනින් බිහිවෙමින් පවතින යුගයක අප ජීවත් වන බව අපි සැම දෙනාම දන්න දෙයක්, ඒ අතරම Facebook සමාජ සම්බන්දීකරණ අඩවිය දවසින් දවස අතිශය දියුණු වෙමින් පවතී.. අද වන විට එය භාවිතා නොකරන අන්තර්ජාල භාවිතා ක‍රන්නෙක් නැති තරම්ය.. ලොකු, කුඩා, බාල, මහලු / ගැහැනු, පිරිමි ඔය සෑම දෙනෙක්ම දැන් Facebook හෙවත් "මුහුණු පොතට" තම මුහුණත් ඇතුලු කර ඇත.. ඒ අතර එකම මුහුණ දෙතුන් පාරටත් වඩා හමුවන අවස්ථාද නැතුවම නොවේ...


කෙසේ වෙතත් අද මම කියන්නට යන්නේ Facebook කරන්න යන නවීකරණයක් පිලිබදවයි.. මෙයින් අපගේ Profile එක තවත් සංකීර්ණ තත්වයකට පත්වෙන බවනම් පැහැදිලිය.. තීරණය නම්, අපගේ Profile එක යටතේ ‍ඇති, Likes and Interests යටතේ අප ලබාදෙන දේ වලට වැඩි අරුතක් ලබා දීමයි..

එනම් උදාහරණයක් වශයෙන් Favorite Music යටතේ ඔබ "Johnny Cash" යයි ලබාදුන්නේ නම්, Facebook විසින් ඉබේම ඔහුගේ Fan Page එක සොයා දී Fan කෙනෙක් නොවන්නේ නම් Fan කෙනෙක් විය යුතු දැයි අසයි. අවශ්‍ය නම් මෙම සබදතා Profile එකෙන් සගවා තැබීමටද අවස්ථාව 'Privacy Settings' යටතේ දී පුළුවන් බවත් ඔවුන් පවසයි. නමුත් අදාල Fan Page එකට ඔබේ නම ඉබේම ඇතුලත් වනු ඇත..


Community Pages
මෙලෙස හැදින්වෙන්නේ, අප මෙම Likes and Interests යටතේ ලබාදෙන සියළුම දෙවල් වෙනුවෙන් වෙන්වන Facebook Pages ය. මේවාටද "Become a Fan" වෙනුවට ඇත්තේ "Like" නැමැති බොත්තමකි.. ඒ අනුව ඔබ Likes and Interests තුල ඇතුළු කරන දේට කැමැත්තක් ඇති සියළුම අය මෙම Page එක තුළදී ඔබට දැකගැනීමට, කතා කිරීමට හැකි වනු ඇති. තවද එම විනෝදාංශයට හෝ අදාල ක්‍රියාවට සම්බන්ධ සියළුම තොරතුරු එම පිටුව හරහා ඔබට ලබා ගත හැකිවේ.. මුල් කාලයේ මෙම පිටුවලට Wikipedia තොරතුරු ඇතුලත් ‍වන අතර ඉදිරියේදී, ඒවා වෙනස් කිරීමට හා තවත් තොරතුරු ඇතුළු කිරීමටද හැකියාව ලබාදීමට බලාපොරොත්තු වන බව අදහසයි...

තවත් අයුරකින් බැලුව හොත්, කලින් අප Fan කෙනෙකු වන Pages වෙනම පහලින් ‍පෙන්නුවද දැන් ඒවා Likes and Interests යටතේම දිස් වේ යයි විශ්වාස කරමි.  තවද, අප ඕනෑම Facebook Fan page එකක  "Become a Fan" වෙනුවට ඇති "Like" විදානය දුන් විට එම පිටුවද Profile එකේ අදාල කොටස තුල දර්ශනය වනු ඇත.. ඒ අනුව අප ගායකයෙකුගේ Fan Page එකක් හා සම්බන්ධ වුන හොත් එය Favorite Music යටතේ පෙන්විය යුතුය... මෙම වෙනස Facebook තුල සෑහෙන්න වෙනසක් සිදුවන දෙයක් බව බොහෝ දෙනාගේ  ‍මතයයි.. මේ වන විට ‍මෙම වෙනස් කම  ඔබගේ ගිණුම තුලත් දැකගත හැකි විය යුතුය.. එය අත්හදා බලා මෙහි ප්‍රතිචාර යටතේ ඔබේ අදහසත් පලකරන්න අමතක කරන්න එපා...

සැ.යු.. මෙම තොරතුරු සියල්ලක්ම විවිධ අඩවි (English) වලින් හා Facebook Blog Post එකකින් කියවා ගත් ඒවා නිසා, මෙහි ‍තොරතුරු වල සුළු වෙනස්වීම් විය හැකි බවද වටහා ගනු මැනවි.. මේ ගැන ඔබේ සිතුවිල්ලත් මෙහි ප්‍රතිචාරයක් ලෙස එකතු කරන්න...
Share

ශ්‍රී ලංකාවේ විශාලම ජංගම දුරකථන සේවා සපයන්නා ලෙස සලකන ඩයලොග් ටෙලිකොම් ආයතනයත් ලගදී  ඔවුන්ගේ ප්‍රධාන නාමය වන Axiata ලෙස නාමීකරනය වන බව පුවත් වාර්ථාවන් කියා සිටී.... මෙම සමාගම පෙර TM International ලෙස පැවත ඇති අතර 2009 වර්ෂයේදී, එය Axiata Group ලෙස නාමීකරනය විය. මෙහි සවිස්තර තොරතුරු තවමත් දක්නට නැත. වැඩි තොරතුරු සදහා මෙම පුවත කියවන්න. http://www.lankabusinessonline.com/fullstory.php?nid=320971381
Share

පේ අසල්වැසි ඉන්දියාව තුල තවමත් 3G තාක්ෂණය වැජ‍‍බෙමින් තිබුනද, ඉන්දියානු රජයට නම් 3G තාක්ෂණය ට එහා යමක් සිය ජනතාවට අත්විදීමට අවස්ථාව ලබාදීමට අවශ්‍යව ඇත.. මේ හේතුව මත ඉන්දියානු රජය මේ දිනවල 4G ජංගම දුරකථන සිය ජනයා අතර ව්‍යාප්තියට අත හිත දීමට කැමැත්ත ප්‍රකාෂ කර තිබේ. ඉන්දියාවේ සන්නිවේදන ක්ෂේත්‍රය භාර ඇමතිවරයා (ඒ.රාජා) මේ පිලිබදව නිවේදනයක් Hindustan Times වෙත ලබාදෙමින් සිය රට මේ සම්බන්ධව දැනුවත් කර තිබුනා.. ඔහුගේ ප්‍රකාෂය පුරාම සදහන්ව තිබුනු කාරණය නම්, මෙම පියවර හරහා ඉන්දියාව අන්තර්ජාල තාක්ෂණයේ නව යුගයකට පිවිසෙනු ඇති බවටයි..

ඉන්දියාව හැකි ඉක්මනින්ම මෙම 4G තාක්ෂණය කරා පිවිසෙන්න අදහස් කරන බව හැගෙන්නේ ඔහුගේ "I do not want any delay in 4G services. We should be with the rest of the world in 4G," සහ "Once TRAI submits its recommendations, the government will work on it," ලෙස තිබුනු ඒ.රාජා (ඉන්දියාවේ සන්නිවේදන ක්ෂේත්‍රය භාර ඇමති) ගේ මෙම ප්‍රකාෂ ‍වලිනි, මෙහි TRAI යනුවෙන් සදහන් වන්නේ, The Telecom Regulatory Authority of India යන්නයි... එනම් ඉන්දියානු දුරකථන නියාමක අධිකාරිය මෙයට කැමැත්ත හා පියවර ගත් සැනින්ම ඉන්දියාව තුල හැකි ඉක්මණින් මෙම සේවාවවන් ව්‍යාප්ත කිරීමට ඔවුන්ගේ කැමැත්ත බවද පෙනේ.. 


ඔවුන් මෙම තාක්ෂණය ගෙන ඒමෙන් ජංගම දුරකථන වලටත් අධිවේගි අන්තර්ජාල සේවා ලබාදීමට හැකිවීම තුලින් පරිගණක නැති හා ජංගම දුරකථන පමනක් භාවිතා කරන සාමාන්‍ය මට්ටමේ අති විශාල පිරිසකට අධි වේගි අන්තර්ජාල පහසුකම් අත්විදීමට අවස්ථාව ලබාදීමට වඩාත් කැමැත්තෙන් සිටින බව පවසයි. තවද TV Broadcasting හා Online Games වල තිබුනාට වඩා 10 ගුණයක වේගයක් මෙම දියුණුව හරහා ඔවුන් බලාපොරොත්තු වේ.. මෙහි තවත් සවිස්තරාත්මකව තොරතුරු කියවීමට අවශ්‍ය නම්, http://www.bangkokpost.com/breakingnews/174722/india-plans-4g-mobile-sale වෙත පිවිසෙන්න..
Share


දශක තුනක පමණ කාලයක් ත්‍රස්ථවාදයෙන් මැකී ගොස් තිබූ ඒ සාමය නැවතත් ලැබ, උතුරේ දමිල අයත් දකුණේ සිංහල අයත් එක්ව සමරන්නට සූදානම්වූ හා තවත් පැය කිහිපයකින් අරඹන්නාවූ, සිංහල හා හින්දු අළුත් අවුරුද්ද මාගේ සිංහල බ්ලොග් මිතුරු කැලට හා සිංහල යුනිකොඩ් සයිබර් කලාපයටම සාමය, සතුට, ‍සොම්නස, සාර්ථකත්වය, ආදරය ඇතුලු සියළුම සිතන පතන දේ එපරිදිම ඉටුවන්නා වූ සර්ව සුභ වසරක් වේවායි එක සිතින් පතමි..!!!!


නව වසරේදී හෝ නව පාර්ලිමේන්තුව තුලින්වත් ලාංකීය තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රය දියුණුවෙන් දියුණුවට පත්වේවා යයිද පතන්නට කැමැත්තෙමි... එහෙනම්, මම මගේ ඊලග ලිපිය නව වසරේදී ටයිප් කරන්නට පොරොන්දු වෙමින් මෙසේ පරණ අවුරුද්දේ බ්ලොග් කරණ කටයුතු නිල වශයෙන් අවසන් කරන්නෙමි.. ;)
Share

දැනට ප්‍රසිද්ධම හා වැඩිම භාවිතයක් ඇති Google Adsense හා Yahoo ඇතුළුව තවත් දැන්වීම් සපයන්නන් දැන්වීම් සොයනු ලබන්නේ අප සිටින වෙබ් අඩවියේ අන්තර්ගතයට සාපේක්ෂව, ඒ හා ගැලපෙන දැන්වීම් තෝරා ගැනීමෙනි.. දැන් ඔවුන්ගේ නවතම පියවර වන්නේ, වෙබ් අඩවි වල පෙන්වන දැන්වීම් එම වෙබ් අඩවියට අදාලව කෙසේ වෙතත්, අඩවියට පිවිසෙන අයගේ ඉතිහාස වෙබ් ගවේෂණයන් අනුව තීරණය කිරීමටයි. එනම් අප එම අඩවිය පූර්ණය කිරීමට කලින් පිවිසුනු අඩවි හා සම්බන්ධ දැන්වීම් ලබා දීමවේ.. ඒ අනුව අප සිටින අඩවිය‍ට සම්බන්ධ දේ නොව අප වැඩි උනන්දුවක් දක්වන මාතෘකා වලට ගැලපෙන දැන්වීම් අප අඩවි තුලින් දකින දැන්වීම් වල දැකගත හැකි වනු ඇත..

උදාහරණයක් වශයෙන්, අප කැමරාවක් හෝ ජංගම දුරකථනයක් හෝ අන්තර්ජාලයෙන් මිලදී ගැනීමක් සිදුකල හොත්, ඉන් පසුව අප පිවිසෙන අඩවි වල දැන්වීම් අපට පෙන්වන්නේ ඊට අදාල අමතර උපකරණ වල දැන්වීම් විය හැකියි.. (කැමරා කාච, දුරකථන කවර හෝ එවැනි උපාංග වලට අදාල දැන්වීම්) එය සිදුවන්නේ අප යම් වෙබ් පිටුවක් විවෘත කිරීමට විධානය දුන් විට මිලි තත්පර ගණනකදී, අපගේ ඉතිහාස සටහන් පිරික්සීමෙන්, ඒ අදාල දැන්වීම් තෝරාගැනීමය..

මෙම පියවර හරහා ‍බොහෝ දැන්වීම් ඵල කරන්නන්ට (අප, ඔබ වැනි අයට) වගේම දැන්වීම් දිස්වන්නන්ටත් මහත් වාසියක් ලැබෙන බව Google, Yahoo හා එවැනි ආයතන වල මතයයි... ඔවුන් එසේ කියන්නේ, තමන්ගේ රුචිකත්වයට අදාල දැන්වීම් දැකීමට ලැබීම තුල කියවන්නා ඒවා ක්ලික් කිරීමට ඇති ඉඩකඩ වැඩි වීමත්, ඒ හරහා දැන්වීම පල කරන්නාට අදාල වාසිය හිමිවන බවත්ය.. බොහෝ දෙනෙක් මොවුන්ගේ මෙම තීරණයට තම ප්‍රසාධය පල කර ඇති බවද යම් යම් වෙබ් අඩවි තුල ඇති පුතිචාර හරහා දැකගත හැකිය..
මේ ගැන ඔබ සිතන්නේ කුමක්ද...? නරඔන්නන්ට, දැන්වීම් ප්‍රදර්ශනය කරන්නන්ට හා දැන්වීම් පල කරන්නන්ට මෙමගින් සෙතක් වෙයි නේද....????
Share

අවුරුදු කාලෙත් ළග ළගම එනවනේ.. මාතර නම් ඉතිං සුපුරුදු පරිදි හම්බානෙකට සෙනග.. වෙනදා වගේ දැන් බයිසිකලෙන් ගමන් යන්නත් ලේසි නෑ.. ;) කොහොම උනත් ඉතිං දැන්ම ගන්න දෙයක් ගන්න තරමට තමා හොද.. නැත්නම් තේරිලා තේරිලා, ඇදලා හැඩ බලලා තියෙන ඇදුම් තමා ඉතුරු වෙන්නේ.. ඒ නැතත් එන්න එන්නම සෙනග වැඩිවෙනවානේ... බොරු මොකටද මම නම් ගිය සැරේ ඒ පරිප්පුව හොදටම කෑවා.. ;)


මම දැන් කියන්න ආවේ සාප්පුවක් ගැනනේ.. ඔව් මේක Ebay සාප්පුවක්.. සිංහල හා දමිළ අවුරුද්ද නිසාදෝ ඔන්න Ebay අය විසින් http://fashion.ebay.com/ අඩවිය ලබන සදුදා නිල වශයෙන් විවෘත කරන බවට ආරංචියි.. මේකෙ ඉතිං ෂොපිං කරන්න ගියොත් අවුරුද්දක් ඉතුරු වෙයිද කියන එකත් ගැටලුවක් වෙන්න පුලුවන්. කොහොම උනත් විලාසිතා (Fashion) ආසාව / පිස්සුව තියෙන අයට එතනට ගියොත් බඩගිනි නම් වෙන එකක් නෑ..

මැතිවරණ නාඩගං තිබුනත් යුද ගිනි නැතිවට අවුරුද්ද හිතේ සැනසීමෙන් ජයටම සමරන්නට හැකි වේවායි පතන අතර, ගිණි කෙලි හා ගනුදෙනු කරද්දී ඊලග අවුරුද්දත් සමරන්න ආසාවක් ඇතිව පරිස්සම් සහිතව ඒවා කරන්න වගබලා ගනු මැනවි... ඒ ටික තමයි කියාගන්න ඕන උනේ.. එහෙනම් මම නවතිනවා. පොඩි Post එකකට මෙච්චර පිටුවක් Load කරගෙන ආවාට, මට බනින්නේ නැතුව පොඩි ප්‍රතිචාරයක් දක්වලා යන්න අමතක කරන්න එපා..
Share

Mozilla Firefox වෙබ් බ්‍රව්සරය දැන් Gmail , Twitter ‍හෝ අප පරිගණකයේ ඇති Contacts ලබාගෙන Auto Email Formfill හා තවත් සේවා රැසක් ලබාදෙනව. මෙම සේවාව වෙනමම ඇඩෝනයක් (Addon) ලෙස ලබාගැනීම කල හැකි වන අතර ඔබට උපකාරී වීම කෙලෙස වේද යන්න එය ලබාගෙනම බලනවනම් හොද යැයි සිතමි.. 

ඔබ දැනටම මෙය භාවිතා කරනවා නම් එය වැදගත්ද නැද්ද යන්න දැනටමත් තේරිලා ඇති.. අපි යම් වෙබ් අඩවියකදී Invite කිරීම් වැනි අපගේ මිතුරන්ගේ email ලබාදීමේදී  නම් මෙම සේවාව මහත් සේ උපකාරී වේ යයි සිතේ.. 

මෙය තවමත් පරීක්ෂනාත්මක තත්වයක තිබෙන අතර දැනට Gmail, Twitter හා Mac ආශ්‍රිතව පමණක් තොරතුරු ලබාගැනීමට සමත් බව කිව යුතුය. ඔබගේ ප්‍රියතම වෙබ් ගවේශකයා Mozilla Firefox නම් ඔබද මෙය අත්හදා බලා මෙතන ප්‍රතිචාර කරන්න අමතක කරන්න එපා.. මේක මට අලුත් පුවතක් ලෙස සිතුනට සමහර අය මේ ගැන හොදට දන්න බවද කියන්න ඕන...
මෙම ඇඩෝනය මෙම Link එක මගින් ඔබට ලබාගත හැකිය... වැඩිදුර තොරතුරු දැනගැනීමට රිසි නම්, මෙම පිටුව කියවන්න...

Share

අප අන්තර්ජාලයේ වෙබ් අඩවි කීයක නම් දවසකට Register වෙනවා ඇත්ද. 10ක් 20ක් හෝ සමහරවිට ඊටත් වැඩි වෙන්න පුලුවන්. එහිදී ඔබ සමහර විට Password අමතක වීම වලක්වා ගන්නට එකම Password එක හැම තැනටම භාවිතා කරනවත් ඇති.. නමුත් මෙසේ වෙබ් අඩවි කිහිපයකට එකම Password එක භාවිතා කිරීම ඇගට ගුණ නැති බව කියන්නට ඕන. මොකද කියනවනම්, අපි එසේ ඇතුලු කරන Password බලන්නත් සමහර Site වල අය ඉන්නව (බොහෝ අඩවි වල නොවේ). එසේ අප ඇතුලු කරන Password එකක් අප අපගේ Facebook, Gmail, Yahoo හෝ වෙනත් වටිනා site වල යොදාගෙන ඇතිනම් ඔවුන් ඒවාට ඇතුල් වී අපගේ තොරතුරු ලබාගැනීම්, අනවසර ඇතුලුවීම් පවා සිදුකරන අවස්ථා දැක ඇත.. මා මෙසේ කියන්නේ, ඉතා ආසන්න අත්දැකීමක්ද ඇතුවයි.. ඉතිං මේ කරදරයට හොදම විසදුමක් තමයි Password Reminding මෘදුකාංගයක් හෝ ඇඩෝනයක් භාවිතා කිරීම..

Share

මාර්තු 2 වන අගහරැවාදා වන විට Microsoft සමාගමේ Windows 7 මෙහෙයුම් පද්ධතිය නිල මිලදී ගැනීම් (license) මිලියන 09 කට අධීක සංඛ්‍යාවක් දක්වා පැමිණ ඇති බව සදහන්.. තවද මෙය පරිගණක මෙහෙයුම් පද්ධතියක් අලෙවි වීමේ සීඝ්‍රතාවය වැඩිම අවස්ථාව ලෙසටද සලකන බව දැනගන්නට ඇත... කෙසේ වෙතත් ලංකාව තුල නම් තවමත් නිල ලබාගැනීම් සැලකිය යුතු ප්‍රමාණයකට නැති බවද අසන්නට ලැබේ... 


Share

අද වන විට බොහෝමයක් දෙනාට, වෙනස් වෙමින් පවතින Facebook Interface එක නැතිනම් පෙනුම එපාවෙමින්හෝ ඒකාකාරී බවකින් යුක්ත බව ගැටලුවක්ව ඇත...මේ සදහා හොදම විසදුම නම් hi5 මෙන් තමන්ගේ කැමැත්ත පරිදි තමන්ගේ profile එකේ පෙනුම වෙනස් කිරීමට ලබා දීමයි... ඒ සදහා සාර්ථක පිලියම් නැතත්, Google Chrome වෙබ් බ්‍රව්සරය භාවිතා කරන ඔබට Google Chrome හරහා ලබා දෙන extensions මගින් මෙය යම්තාක් දුරකට කරගත හැකිය..

දැනට තම් මෙය භාවිතා කරන්නන් අති විශාල සංඛ්‍යාවක් ලොව පුරා ම සිටී.. ඔබ තවමත් මෙය නොදන්නේ නම් මෙම ලිපිය ඔබට වැදගත් වේ යයි විශ්වාස කරමි.... Google Chrome භාවිතා නෙකොරන කෙනෙක් නම් මුලින්ම එය භාවිතා කර බැලීම කරන්න.... එය Google හරහා නොමිලේම ලබාගන්න පුලුවන් software එකක්... (තවමත් Chrome ලග නැතිනම් http://www.google.com/chrome මගින් ලබාගන්න.)  කෙසේ හෝ, chrome භාවිතා කරන ඔබට Google Chrome Extensions භාවිතා කිරීමටද අවස්ථාව ලැබෙනව..



Share

Ebay වලින් ෂොපිං කිරීම සාර්ථකද යන්න ‍තවමත් බොහෝ දෙනෙකුට ගැටලුවක්... එයට හේතුව බොහෝමයක් දෙනා, අප රට දියුණු රටක් ලෙස පිලිගැනීමට තවමත් සූදානම් නොවන නිසාද විය හැකිය.. කෙසේ වෙතත්, මා මෙම පුවතෙන් කියන්න සූදානම් වුනේ ebay හරහා භාණ්ඩ මිලදී ගැනීමට කිසිසේත්ම බිය විය යුතු නොවන බවය... මන්ද යනු, Ebay හරහා අප ගෙවනු ලබන සෑම සතයකටම Paypal හෝ Ebay හරහා ම රක්ෂණය වීමයි... මෙතෙක් කල් එම ආරක්ෂාව Paypal ගෙවීම් වලට පමණක් තිබුනත්, ළගදි එය Ebay හරහා ද මුලු මුදලටම වගකියන සේවාවක් හදුන්වා දුනි...මෙම රෑපයේ දැක්වෙන්නේ මා හට Hong Kong වෙළද ආයතනයක් හරහා dongle එකක් ලැබුනු තැපැල් කවරයකි..

Share

Maduonline.com  කිව්වම මතක් වෙන්නෙ කවුද කියල නම් මම දන්නේ නෑ... හැබැයි ඔන්න අද ඉදන් මාව මතක් වෙන්න ඔන... කොහොම උනත් මේක මම තනියම කරන්න අදහසක් නෑ... මගේ මිතුරන් කිහිපදෙනෙක් සමග ඔබට වැදගත් , හරවත් යමක් දෙන්න මම පොරොන්දු වෙනවා... මම ගැන වැඩි විස්තර ඉක්මණින් ම කියන්නම්... හැබැයි මං ගැන දන්න අයත් මේක කියවනව ඇති නේ.....;)

Share