Maduonline

Keep in touch with everything..

න්තර්ජාලය හරහා අප ලබාගන්නා සේවා ගැන බැලුවහම, ඉන් ඉහලම තැනක් හිමිවන සේවාවක් තමයි Skype කියන්නේ.. මේ‍ක ගැන නොදන්නා කෙනෙකු නම්  මේක කියවන්න විදිහක් නෑ. නමුත් ඒ  ගැනත් සදහනක් කරන්නම්. Skype කියන්නේ තවත් Skype භාවිතා කරන්නෙකුට නොමිලේම හා ඕනෑම දුරකථනයකට යම් මුදලක් ගෙවා අන්තර්ජාලය හරහා ඇමතුම් ලබාගත හැකි සේවාවක්. මෙහි Voice / Video යන ඇමතුම් වර්ග දෙකම ලබාගන්න පුළුවන්.

Voice හා Text සංවාද සදහා කිහිප දෙනෙක් සම්බන්ධ විය හැකි වූවත්, Video සදහා සමූහ සංවාද මීට පෙර හා දැනටත් අවසර ලැබී නැත. නමුත් දැන් ඔබට ඒ ඉඩ කඩ ලැබෙමින් තිබේ.. එනම් ඉදිරි සති කිහිපය තුල මෙම පහසුකම ඔබට නොමිලයේම හිමිවනු ඇත.. ඒ කෙසේ වෙතත් මෙම සේවාව මුල් කාලයේදී නොමිලයේ දුන්නත්, ඉදිරි මාස දෙක තුන තුල තව තව සේවා සපයද්දී මේ සදහා යම් ගාස්තුවක් ගෙවිය යුතු වන බව ඔවුන් පවසයි... එනම් මෙම සේවාව ආරම්භක සමයේදී පමණක් නොමිලයේ අත්විදීමට ලැබෙන බවය.. කෙසේ වෙතත් අපට හැගෙන කරුන නම් මෙමගින් මෙම සේවාවට මිනිසුන් පිස්සු වට්ටවා ගෙන මුදල් අය කිරීමට පටන් ගත් විට එම සේවාව හා ඔවුන් සාර්ථක වන බව ඔවුන් සිතනවා ඇති කියායි...
Share

3 ප්‍රතිචාර:

Why do you guys expect everything for free? Skype already offers a great service for free, so if they bring in a new feature like this they might as well try to make some money off it.

@Sach
ඔබේ කතාව හරි.. නමුත් මෙතන කවුරුවත් කිව්වේ නෑ‍නේ මෙම සේවාවන් වලට මුදල් අය කිරීම වරදක් කියලා.. සේවාව ඔවුන්ගේ නම් මුදලක් අය කරනවද නැද්ද කියන එකත් ඔවුන්ගෙම තීරනයක්. ඒකට කිසිම විදියක වැරැද්දක් කියන්න අපිට බෑ. මෙතන නොමිලයේ සේවාවන් බලාපොරොත්තු වන බවක් අදහස් කරේ නැත.. ඔවුන් මුලදී මෙය නොමිලයේ දීමත්, පසුව මුදලක් අය කිරීමත් යන කරුණ යම් මතයකින් ඉදිරිපත් කිරීමක් පමණි... ඔබේ මතයට ස්තුතියි!!

පෝස්ට් එක සැබැවින්ම තේරෙන්නේ එහෙමද කියා අනෙක් අයගෙනුත් විමසන්නට කැමැත්තෙමි..

නිකන් දෙනවනම් ඕන දෙයක් බං :D

Post a Comment

ඔබේ ප්‍රතිචාරය අපේ සතුටයි..!!