Maduonline

Keep in touch with everything..

දිනෙන් දින දියුණු වන හා අන්තර්ජාල කරණය දියුනු කරනයට එක හෙලාම දායක වන සමාගමක් ගැන කිව්වොත් නිරායාසයෙන්ම මතක් වෙන්නේ දැනට වැඩිම කැමැත්ත ඇති විද්‍යුත් තැපෑල හා තවත් සේවා රාශියක් සලසන Google බව අමුතුවෙන් කියන්නට දෙයක් නෑ.. දැනට මාස දෙකක් පමණ ඉදන්ම ලෝකය හතර වටේම බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් සිටින දෙයක් තමයි මේ Google TV එක බලාගන්න...

ඔන්න ඉතිං ලගදීම ඒ බලාපොරොත්තු ඉටු වන බවයි ආරංචිය. මැයි මස 19 හා 20 යන දෙදින තුල San Francisco නගරය තුල Google දියුණු කරන්නන් 3000 කගේ පමණ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත Google හි වාර්ශික එක්වීමක් වන The Annual Google I/O Conference එකේදී මේ පිලිබද දිනයක් නියම වෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරයි.. මෙම සේවාවට අප Google TV යයි කිව්වට එය නිල වශයෙන් ස්ථිර වුනු නමක් ද නොවේ.. කෙසේ වෙතත් මෙම සේවාව හරහා චන්ද්‍රිකා හා කේබල් TV ක්‍රම බැහැර යන කලාවක් ලෝකය තුල හටගනීදෝ යන සැකය බොහෝ දෙනා තුල තිබෙන බව මෙම පුවත හා බැදෙන ප්‍රතිචාර තුල දක්නට ලැබේ. හැබැයි ඒක ලාංකික අපිට නම් කෙසේ සමීප වෙයිද යන්න තවමත් රහසක්.. දැනට අප සතුව ඇති අන්තර්ජාල සබදතා හරහා මෙය භාවිතා කරන්නට ලැබෙයිද යන්නත් ගැටලුවක්.. කෙසේ වෙතත් Google නම් මේ සදහා ලහි ලහියේම ලෑස්ති වන බව පේන්නට තිබෙන දෙයක්.. ඉතිං ඔහොම සූදානම් වෙන ගමන් දැන් Google සිය රූපවාහිණි ප්‍රචාරය සදහා දැන්වීම් පවා බාරගනිමින් සිටිනවා.. මේ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන එම දැන්වීම් හරහා ලැබෙනු ඇතැයි ද ඔවුන් විශ්වාසය පල කර තිබුනා..  දැනට ඇති ආරංචි අනුව නම් හැගෙන්නේ මෙම සේවාව අත්විදීමට මෙම මස අගදී සිය ප්‍රේක්ෂකයන්ට ලැබෙන බවයි.

 මෙම තාක්ශණට පිලිබද මට හැගෙන ආකාරයෙන් පැහැදිලි කිරීමක් කලහොත්, මෙය සාමාන්‍ය නිවසේ රූපවාහිනිය හරහා නරඔන්නට හැකියාව ඇති අන්තර්ජාලය හරහා දත්ත සම්ප්‍රේෂණය වන රූපවාහිනී ක්‍රමයක්.. මෙය අන්තර්ජාලයට හා සාමාන්‍ය රූපවාහිනියට සම්බන්ධ කරවන්නේ Google TV box නම් උපාංගය හරහායි. මෙය Intel Atom වර්ගයේ ප්‍රොසෙ‍සරයක්, Android මෙහෙයුම් පද්ධතියත් හා Logitech දුරස්ථ පාලකයකින් යුක්ත වන කට්ටලයකින් සමන්විත නිර්මාණයකි.. මෙම උපාංගය සවිකිරීමෙන්, නිවසේ රූපවාහිනිය බොහෝ ප්‍රධාන පහසුකම් වලින් යුතු පරිගණකයක් වනු ඇත.. එනම්, මේ මගින් අන්තර්ජාල ගවේශනය (Google Chrome මගින්) , විද්‍යුත් තැපෑල පිරික්සීම, චැට් කිරීම, වීඩියෝ නැරඔම් හා සමාජ ජාල අඩවි පිරික්සීම පවා රූපවාහිනිය හරහා  කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.. තවද Sony සමාගම ඉදිරියේදී රූපවාහිනී තුලම මෙම පහසුකම් සියල්ල ඇතුලත් කරීමට බලාපොරොත්තු වන බවද පවසා ඇත..

ඉතිං දිනෙන් දින මෙසේ දියුණු වන තාක්ෂණය තුල මේ යන විදියට පරිගණකය රූපවාහිනියක් වෙයිද නැත්නම් අපේ රූපවාහිනිය පරිගණකයක් වෙයිද කියා ඔබට කිව හැකිද..?? ;)
Share

7 ප්‍රතිචාර:

රූපවාහිනියයි පරිගණකයයි දෙකම එකක් වෙයි.

මේක නම් නියමයිනේ... එතකොට අපිට ලෝකෙ ඕනම ටී.වී. චැනලයක් නැරඹිය හැකි වේවිද .......

කොහොමත් දැන් අලුතෙන් එන TV වල Network port එකක් තියනවා...නැත්නම් wi-fi පහසුකම තියනවා...එමඟින් YouTube™, Daily Motion™, Yahoo™, Slacker®, Netflix වගේ site වල video බලන්න පුළුවන්...මම ගත්තා Sony Bravia 40EX700 කියන මොඩල් එක..ඒකේ ඔය පහසුකම් ටික තියනවා....අලුතෙන් එන Blu-ray player වලත් Network port එකක් තියනවා...නැත්නම් wi-fi පහසුකම තියනවා...
දැනුවත් කිරීම ගැන ස්තූතියි...
http://www.sonystyle.ca/commerce/servlet/ProductDetailDisplay?storeId=10001&langId=-1&catalogId=10001&productId=1007396&navigationPath=n100736

පියෝ ටී වී වලට සැටලයිට් වලට බුදු සරණයි වාගෙ

මෙහෙම ගිහිල්ලා ගූගල් වාහනත් එයිද දන්නේ නෑ. :p

@Saman,
ඔව්... ඔබ හරි. අදහස් වලට ස්තුතියි!

@Kasun,
එච්චරයිනේ දැන් අඩු... :D

ලංකාවෙ ජංජාල සම්බන්ධතාවයක් හරහා ඕව බලන්න ගියොත් අපිට සමහර විට වැඩිම උනොත් සතියක් විතර පරණ වැඩසටහන් බලන්න පුළුවන් වෙයි!

Post a Comment

ඔබේ ප්‍රතිචාරය අපේ සතුටයි..!!