Maduonline

Keep in touch with everything..

දැන් දැන්, ජංගම දුරකථන භාවිතා කරන්නන් සංඛ්‍යාව වැඩි උනත්, සෑම දෙනා අතම ජංගම දුරකථනයක් තිබුනත්, අපට කෙනෙකු ඇමතීමට අවශ්‍ය වූ විට බොහෝවිට මතුවන්නා වූ ගැටලුවක් තමයි ඔහු හෝ ඇය දුරකථන අංක‍ය වෙනස් කිර තිබීම.. එසේ අංකය මාරු කිරීමට හේතු සාධක වන්නා වූ කරුණු කාරණා නම් විවිධාකාරයි.. නමුත් කෙනෙකු තම ජංගම දුරකථන අංකය වෙනස් කර‍න්නේ දැනට භාවිතා කරන්නා වූ ජාලය මාරු කිරීමට ඇතිවන අවශ්‍යතාවය මත නම්, ඉදිරියේදී එසේ නොවන්නට ඉඩ ඇත..

එසේ කියන්නට හේතුව නම්, ලාංකිකයින්ට සිය ජංගම දුරකථනයේ අංකය වෙනස් නොකර තමන්ගේ සේවා ජාලය වෙනස් කරගැනීමට හැකියාව (Mobile Number Portability) ලබා දීමට සූදානමක් ඇති බව ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමක කොමිසම නිල පුවතක් මගින් සිය වෙබ් අඩවිය තුල දක්වා තිබීමයි.. ඔවුන් එහිදී, ලාංකීය ජංගම දුරකථන සමාගම් වලට මේ පිළිබද සිය අදහස් මැයි මස වන විට එලි දක්වන ලෙසද ඉල්ලීමක් කර තිබෙනු දැකගත හැකි විය..

මෙම ක්‍රමය දැනට ලෝකයේ අති විශාල රටවල් ගණනක භාවිතා ‍කෙරෙන අතර, Australia, Hong Kong, India, Malaysia, New Zealand, Pakistan, Singapore, Taiwan, Thailand වැනි රටවල් ඒ සදහා ආසියා ශාන්තිකර නිදසුන්ය. සමහර රටවල මෙම ජාල හුවමාරු වීමේදී, ගාස්තුවක් අය කරන අතර තවත් රටවල නොමිලයේම හුවමාරු විය හැකිය.. තවද ජාල අතර හුවමාරු වීමට ගතවන කාලය, රටින් රටට වෙනස් වන දින 1 සිට මාස 2 දක්වාම විවිධ කාල පරාසයන් දක්නට ලැබේ.. උදාහරණයක් හැටියට නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ කිසිදු මිලක් අය නොකර එක දිනයෙන් මෙම ජාල හුවමාරුව කරගත හැකිවන විට,  ඩෙන්මාර්ක වැසියෙකුට DKK 25ක් ගෙව්වද ජාල හුවමාරු වීමට දින 30 ත් 60 ත් අතර කාලයක් බලා සිටීමට වෙයි..


අප ලංකාව තුලත් මෙම සේවාව ආරම්භ වුවහොත්, මෙම අංක මාරුවීමේ කලාවට හේතු වන තවත් කරදරයක් නැතුව යනු ඇත.. තවද, මෙම හදුන්වාදීමත් සමග තව තවත් අමතර වාසි රැසක් පාරිභෝගිකයන්ට හිමිවන බව ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමක කොමිසම සිය පුවතින් වැඩි දුරටත් කියා සිටී.. තවද ජීවිතයේ පැරණි සම්බන්ධතා එසේම පවත්වාගෙන යාමට මෙම සේවාව මහත් රුකුලක් වනු ඇතැයි විශ්වාසය තැබිය හැක. කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය තොරතුරු තාක්ෂණයේ හා සන්නිවේදන ක්ෂේත්‍රයේ උන්නතිය ‍උදෙසා මෙවන් නව සේවාවන් ලාංකික ජනයාට හදුන්වාදීමට ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමක කොමිසම ඇතුලු අදාල අයවලුන් ක්‍රියා කරනු ඇතැයි, අද වගේම ඉදිරියටත් අප විශ්වාසය තබමු නේද..?

Share

10 ප්‍රතිචාර:

DKK = Danish krone
This is possible here in UK too and would be really great if they offer in SL too.

good good ,nice information :D

@Grey,
Yep. It is 'Danish krone'..

really good

අඩේ මරු නෙ!

එතකොට ඕන වෙලාවක කිසි බයක් නැතුව ඕන සිම් එකක් දාගෙන ඉන්න පුළුවන්?

එළේල!

මරු නෙ..!

මේ සේවාව කැනඩාව තුළත් තියෙනවා. නමුත් ඇතැම් සම්බන්ධතා වලට බෑ (Contract(Postpaid) Connections), ඒ අය ඒ සම්බ්න්ධතා ගන්නකොටම ගිවිසුමක්ට යටත් වෙනවා.

හැබැයි ඇතැම් වේලාවට ඒකම අංකයක් සේවා දෙකක්ට තියා ගන්න පුළුවන් වුණත් ඒක එක් අතින් කරදරවලට මුල පුරන්න පුළුවන් (බිල නොගෙව්වොත් හෝ ගිවිසුම් නිතීයක් කැඩුවොත්).

මට නම් හිතෙන්නෙ මේක ප්‍රශ්නයක් වෙයි කියලයි. ඔයා දෙන වාසිය නම් ඇත්ත තමා, නමුත් ඒකෙන් ප්‍රශ්නත් එන්න පුළුවන්.

වැ‍ඩේ නම් හො‍‍ඳයි. කවද කෙරෙයිද දන්නෑනෙ.

maath meka test karanna yanne

Post a Comment

ඔබේ ප්‍රතිචාරය අපේ සතුටයි..!!