අපේ අසල්වැසි ඉන්දියාව තුල තවමත් 3G තාක්ෂණය වැජබෙමින් තිබුනද, ඉන්දියානු රජයට නම් 3G තාක්ෂණය ට එහා යමක් සිය ජනතාවට අත්විදීමට අවස්ථාව ලබාදීමට අවශ්‍යව ඇත.. මේ හේතුව මත ඉන්දියානු රජය මේ දිනවල 4G ජංගම දුරකථන සිය ජනයා අතර ව්‍යාප්තියට අත හිත දීමට කැමැත්ත ප්‍රකාෂ කර තිබේ. ඉන්දියාවේ සන්නිවේදන ක්ෂේත්‍රය භාර ඇමතිවරයා (ඒ.රාජා) මේ පිලිබදව නිවේදනයක් Hindustan Times වෙත ලබාදෙමින් සිය රට මේ සම්බන්ධව දැනුවත් කර තිබුනා.. ඔහුගේ ප්‍රකාෂය පුරාම සදහන්ව තිබුනු කාරණය නම්, මෙම පියවර හරහා ඉන්දියාව අන්තර්ජාල තාක්ෂණයේ නව යුගයකට පිවිසෙනු ඇති බවටයි..
ඉන්දියාව හැකි ඉක්මනින්ම මෙම 4G තාක්ෂණය කරා පිවිසෙන්න අදහස් කරන බව හැගෙන්නේ ඔහුගේ "I do not want any delay in 4G services. We should be with the rest of the world in 4G," සහ "Once TRAI submits its recommendations, the government will work on it," ලෙස තිබුනු ඒ.රාජා (ඉන්දියාවේ සන්නිවේදන ක්ෂේත්‍රය භාර ඇමති) ගේ මෙම ප්‍රකාෂ වලිනි, මෙහි TRAI යනුවෙන් සදහන් වන්නේ, The Telecom Regulatory Authority of India යන්නයි... එනම් ඉන්දියානු දුරකථන නියාමක අධිකාරිය මෙයට කැමැත්ත හා පියවර ගත් සැනින්ම ඉන්දියාව තුල හැකි ඉක්මණින් මෙම සේවාවවන් ව්‍යාප්ත කිරීමට ඔවුන්ගේ කැමැත්ත බවද පෙනේ..
ඔවුන් මෙම තාක්ෂණය ගෙන ඒමෙන් ජංගම දුරකථන වලටත් අධිවේගි අන්තර්ජාල සේවා ලබාදීමට හැකිවීම තුලින් පරිගණක නැති හා ජංගම දුරකථන පමනක් භාවිතා කරන සාමාන්‍ය මට්ටමේ අති විශාල පිරිසකට අධි වේගි අන්තර්ජාල පහසුකම් අත්විදීමට අවස්ථාව ලබාදීමට වඩාත් කැමැත්තෙන් සිටින බව පවසයි. තවද TV Broadcasting හා Online Games වල තිබුනාට වඩා 10 ගුණයක වේගයක් මෙම දියුණුව හරහා ඔවුන් බලාපොරොත්තු වේ.. මෙහි තවත් සවිස්තරාත්මකව තොරතුරු කියවීමට අවශ්‍ය නම්, http://www.bangkokpost.com/breakingnews/174722/india-plans-4g-mobile-sale වෙත පිවිසෙන්න..
Share

