Maduonline

Keep in touch with everything..

Facebook හරහා මුළු ලෝකය පුරාම නව සම්බන්ධතා ලක්ෂ හෝ මිලියන හෝ ගනනින් බිහිවෙමින් පවතින යුගයක අප ජීවත් වන බව අපි සැම දෙනාම දන්න දෙයක්, ඒ අතරම Facebook සමාජ සම්බන්දීකරණ අඩවිය දවසින් දවස අතිශය දියුණු වෙමින් පවතී.. අද වන විට එය භාවිතා නොකරන අන්තර්ජාල භාවිතා ක‍රන්නෙක් නැති තරම්ය.. ලොකු, කුඩා, බාල, මහලු / ගැහැනු, පිරිමි ඔය සෑම දෙනෙක්ම දැන් Facebook හෙවත් "මුහුණු පොතට" තම මුහුණත් ඇතුලු කර ඇත.. ඒ අතර එකම මුහුණ දෙතුන් පාරටත් වඩා හමුවන අවස්ථාද නැතුවම නොවේ...


කෙසේ වෙතත් අද මම කියන්නට යන්නේ Facebook කරන්න යන නවීකරණයක් පිලිබදවයි.. මෙයින් අපගේ Profile එක තවත් සංකීර්ණ තත්වයකට පත්වෙන බවනම් පැහැදිලිය.. තීරණය නම්, අපගේ Profile එක යටතේ ‍ඇති, Likes and Interests යටතේ අප ලබාදෙන දේ වලට වැඩි අරුතක් ලබා දීමයි..

එනම් උදාහරණයක් වශයෙන් Favorite Music යටතේ ඔබ "Johnny Cash" යයි ලබාදුන්නේ නම්, Facebook විසින් ඉබේම ඔහුගේ Fan Page එක සොයා දී Fan කෙනෙක් නොවන්නේ නම් Fan කෙනෙක් විය යුතු දැයි අසයි. අවශ්‍ය නම් මෙම සබදතා Profile එකෙන් සගවා තැබීමටද අවස්ථාව 'Privacy Settings' යටතේ දී පුළුවන් බවත් ඔවුන් පවසයි. නමුත් අදාල Fan Page එකට ඔබේ නම ඉබේම ඇතුලත් වනු ඇත..


Community Pages
මෙලෙස හැදින්වෙන්නේ, අප මෙම Likes and Interests යටතේ ලබාදෙන සියළුම දෙවල් වෙනුවෙන් වෙන්වන Facebook Pages ය. මේවාටද "Become a Fan" වෙනුවට ඇත්තේ "Like" නැමැති බොත්තමකි.. ඒ අනුව ඔබ Likes and Interests තුල ඇතුළු කරන දේට කැමැත්තක් ඇති සියළුම අය මෙම Page එක තුළදී ඔබට දැකගැනීමට, කතා කිරීමට හැකි වනු ඇති. තවද එම විනෝදාංශයට හෝ අදාල ක්‍රියාවට සම්බන්ධ සියළුම තොරතුරු එම පිටුව හරහා ඔබට ලබා ගත හැකිවේ.. මුල් කාලයේ මෙම පිටුවලට Wikipedia තොරතුරු ඇතුලත් ‍වන අතර ඉදිරියේදී, ඒවා වෙනස් කිරීමට හා තවත් තොරතුරු ඇතුළු කිරීමටද හැකියාව ලබාදීමට බලාපොරොත්තු වන බව අදහසයි...

තවත් අයුරකින් බැලුව හොත්, කලින් අප Fan කෙනෙකු වන Pages වෙනම පහලින් ‍පෙන්නුවද දැන් ඒවා Likes and Interests යටතේම දිස් වේ යයි විශ්වාස කරමි.  තවද, අප ඕනෑම Facebook Fan page එකක  "Become a Fan" වෙනුවට ඇති "Like" විදානය දුන් විට එම පිටුවද Profile එකේ අදාල කොටස තුල දර්ශනය වනු ඇත.. ඒ අනුව අප ගායකයෙකුගේ Fan Page එකක් හා සම්බන්ධ වුන හොත් එය Favorite Music යටතේ පෙන්විය යුතුය... මෙම වෙනස Facebook තුල සෑහෙන්න වෙනසක් සිදුවන දෙයක් බව බොහෝ දෙනාගේ  ‍මතයයි.. මේ වන විට ‍මෙම වෙනස් කම  ඔබගේ ගිණුම තුලත් දැකගත හැකි විය යුතුය.. එය අත්හදා බලා මෙහි ප්‍රතිචාර යටතේ ඔබේ අදහසත් පලකරන්න අමතක කරන්න එපා...

සැ.යු.. මෙම තොරතුරු සියල්ලක්ම විවිධ අඩවි (English) වලින් හා Facebook Blog Post එකකින් කියවා ගත් ඒවා නිසා, මෙහි ‍තොරතුරු වල සුළු වෙනස්වීම් විය හැකි බවද වටහා ගනු මැනවි.. මේ ගැන ඔබේ සිතුවිල්ලත් මෙහි ප්‍රතිචාරයක් ලෙස එකතු කරන්න...
Share

5 ප්‍රතිචාර:

ලඟදීම නෙමෙයි, දැනටමත් වෙලා තියෙන්නෙ. :)

මේකෙ පිටිපස්සෙ තියන අරමුණ තමයි Facebook Public Profiles හා Community Pages එක්ක තියන user interaction වැඩිකර ගැනීම.

උදාහරණයක් විදියට ඔන්න උඹලැයි ඉස්කෝලෙ page එක තියනවා. මම උඹලැයි ඉස්කෝලෙ නෙවෙයි. මම වැඩි සම්භාවිතාවයක් තියෙන්නෙ ඒකෙ Fan කෙනෙක් හෙවත් රසිකයෙක් වෙන්නද, එහෙම නැත්නම් ඒක Like කරන්නද?

අන්න ඒකයි මේ වචන හරඹේ පිටිපස්සේ තියෙන්නෙ.

මේකෙ භාවිතය පැත්ත ගත්තොත්, like කරපු සියළුම pages දැං වගේ එක ගොඩේ කිසි පිළිවෙලක් නැතිව පෙන්වනවට වඩා ප්‍රොෆයිල් එකේ Info ටැබ් එකේ වර්ග කරලා පෙන්වීම නම් ලොකු දෙයක්. ඒක නිසාම මමපවා දැනටම කිසිම පැකිළීමකින් තොරව pages කිහිපයකම fan කෙනෙක් උනා (තාම තියෙන්නෙ Become a Fan කියන එක.).

@Madhawa,
හොදටම විශ්වාසද?? මම දන්න විදියට නම් තාම ඒක වැඩ නෑ...

@budhajeewa,
ඔව්... ඇත්තටම හොද වැඩක්. මමත් හිත හිත හිටියේ මේ අවුලෙන් නිදහස් වෙන්න ක්‍රමයත් තමයි...

මේක නම් මහ විකාරයක්. join වුන groups වත් පෙන්නන්නේ නැහැ. මෙකෙන් ගැලවෙන්න ක්‍රමයක් දන්නවද?

මාධවගේ කතාව ඇත්ත මම අද facebook ගියහම තමා දැක්කේ "become a fan " වෙනුවට "like " කියලා තිබුනේ.

Post a Comment

ඔබේ ප්‍රතිචාරය අපේ සතුටයි..!!