දැනට ප්‍රසිද්ධම හා වැඩිම භාවිතයක් ඇති Google Adsense හා Yahoo ඇතුළුව තවත් දැන්වීම් සපයන්නන් දැන්වීම් සොයනු ලබන්නේ අප සිටින වෙබ් අඩවියේ අන්තර්ගතයට සාපේක්ෂව, ඒ හා ගැලපෙන දැන්වීම් තෝරා ගැනීමෙනි.. දැන් ඔවුන්ගේ නවතම පියවර වන්නේ, වෙබ් අඩවි වල පෙන්වන දැන්වීම් එම වෙබ් අඩවියට අදාලව කෙසේ වෙතත්, අඩවියට පිවිසෙන අයගේ ඉතිහාස වෙබ් ගවේෂණයන් අනුව තීරණය කිරීමටයි. එනම් අප එම අඩවිය පූර්ණය කිරීමට කලින් පිවිසුනු අඩවි හා සම්බන්ධ දැන්වීම් ලබා දීමවේ.. ඒ අනුව අප සිටින අඩවියට සම්බන්ධ දේ නොව අප වැඩි උනන්දුවක් දක්වන මාතෘකා වලට ගැලපෙන දැන්වීම් අප අඩවි තුලින් දකින දැන්වීම් වල දැකගත හැකි වනු ඇත..
උදාහරණයක් වශයෙන්, අප කැමරාවක් හෝ ජංගම දුරකථනයක් හෝ අන්තර්ජාලයෙන් මිලදී ගැනීමක් සිදුකල හොත්, ඉන් පසුව අප පිවිසෙන අඩවි වල දැන්වීම් අපට පෙන්වන්නේ ඊට අදාල අමතර උපකරණ වල දැන්වීම් විය හැකියි.. (කැමරා කාච, දුරකථන කවර හෝ එවැනි උපාංග වලට අදාල දැන්වීම්) එය සිදුවන්නේ අප යම් වෙබ් පිටුවක් විවෘත කිරීමට විධානය දුන් විට මිලි තත්පර ගණනකදී, අපගේ ඉතිහාස සටහන් පිරික්සීමෙන්, ඒ අදාල දැන්වීම් තෝරාගැනීමය..
මෙම පියවර හරහා බොහෝ දැන්වීම් ඵල කරන්නන්ට (අප, ඔබ වැනි අයට) වගේම දැන්වීම් දිස්වන්නන්ටත් මහත් වාසියක් ලැබෙන බව Google, Yahoo හා එවැනි ආයතන වල මතයයි... ඔවුන් එසේ කියන්නේ, තමන්ගේ රුචිකත්වයට අදාල දැන්වීම් දැකීමට ලැබීම තුල කියවන්නා ඒවා ක්ලික් කිරීමට ඇති ඉඩකඩ වැඩි වීමත්, ඒ හරහා දැන්වීම පල කරන්නාට අදාල වාසිය හිමිවන බවත්ය.. බොහෝ දෙනෙක් මොවුන්ගේ මෙම තීරණයට තම ප්‍රසාධය පල කර ඇති බවද යම් යම් වෙබ් අඩවි තුල ඇති පුතිචාර හරහා දැකගත හැකිය..
මේ ගැන ඔබ සිතන්නේ කුමක්ද...? නරඔන්නන්ට, දැන්වීම් ප්‍රදර්ශනය කරන්නන්ට හා දැන්වීම් පල කරන්නන්ට මෙමගින් සෙතක් වෙයි නේද....????
Share

