Maduonline

Keep in touch with everything..

ද කාලේ සිංහල කතා කරන කියවන හා ලියන්න කැමති, ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්නේ සිංහල යුනිකේත වලින් ටයිප් කරන්න පුරුදු නැති එක.. ඉතිං සමහර අය Singlish වලින් ටයිප් කරලා ඒක සිංහලට හරවගන්න බවත් සුප්‍රසිද්ධ රහසක් නොවැ.. ඉතිං ඔය අතරේ මගෙ නෙත ගැටුනු තැනක් ගැන තමයි මෙම කුඩා ලිපියෙන් කියන්න ලෑස්ති උනේ. මේක Google හරහා බිහිවෙන සේවාවක්. එය නම්.....

 Type in Sinhalese - Google Transliteration කියන්නේ. සමහරවිට ඔබ මේ ගැන දන්නවා වෙන්නත් ඕන.. නමුත් මම දැක්කේ මේ ළගදි. මේකෙන් කෙරෙන කාර්‍යයේ වටිනාකමටත් වඩා, Google දැනට මේ විදියට සලකන්නේ භාෂා 22 කට පමණක් වීමත්, ඒ අතරට අපේ සිංහල භාෂාවත් ඇතුලු වීම වැදගත් කරුණක් හැටියට සලකන්නට පුළුවන්.. මේ කාරණය කොහොම උනත්, ඒවට ඉතිං සිංහල බ්ලොග් ලියන ඔබ අප සියළු දෙනාමත් සෘජුවම හෝ වක්‍රව වගකිව යුතු වන බවද මගේ නම් මතයයි.. ;)


ඒ කොහොම වෙතත් මේවා දිරිගැන්වීම් ලෙස සලකමින් සිංහල බ්ලොග් ලියන්නන්, තව තව සිංහලෙන් ලියන්නට අධිශ්ඨාන කරගතයුතු වේ.. දැන් ඉතිං මේ ලිපිය දැම්මා කියලා මේක කියවන අය හිතයිද දන්නෑ මමත් මේවා type කරේ මේ වගේ ජිල්මාට් එකකින්ද කියලා.... අනේ මට නම් යුනිකේත මාලාව පුළුවන් හොදේ...:P

(තවත් මෙවැනිම සේවාවක් http://www.widgetbox.com/widget/sinhala-unicode-typing මතින් ද ලබාගත හැකිය. මෙම සේවාව හරහා හදිසි උදව්වක් ගත්තට, හැමදාම මේ විදියට සිංහල භාවිතා කරන්න බලාපෙරොත්තු ‍වෙන්න නම් එපා.. සිංහල භාවිතා වේ ගැටලු ඇතිනම්, ඒවා විසදගන්න techkatha සමූහයෙන් හෝ දන්නා අයගේ උදව් ලබාගන්න.)

-මෙහි තවත් ලිපියක් http://mayuonline.com/2008/10/23/make-money-online/ හි කියවිය හැකිය..
Share

4 ප්‍රතිචාර:

කෝක වෙතත් පුළුවන් විදියට හිංගලෙං කොටන්න පුරුදු වෙන එක තමා හොඳම!

නියමයි

එළ එළ විස්තරටිකට ස්තූත්යි මචෝ......

එල,මේක(google transliterate ) firefox add -on එකට වඩා ලේසිය්

Post a Comment

ඔබේ ප්‍රතිචාරය අපේ සතුටයි..!!