අවුරුදු කාලෙත් ළග ළගම එනවනේ.. මාතර නම් ඉතිං සුපුරුදු පරිදි හම්බානෙකට සෙනග.. වෙනදා වගේ දැන් බයිසිකලෙන් ගමන් යන්නත් ලේසි නෑ.. ;) කොහොම උනත් ඉතිං දැන්ම ගන්න දෙයක් ගන්න තරමට තමා හොද.. නැත්නම් තේරිලා තේරිලා, ඇදලා හැඩ බලලා තියෙන ඇදුම් තමා ඉතුරු වෙන්නේ.. ඒ නැතත් එන්න එන්නම සෙනග වැඩිවෙනවානේ... බොරු මොකටද මම නම් ගිය සැරේ ඒ පරිප්පුව හොදටම කෑවා.. ;)
මම දැන් කියන්න ආවේ සාප්පුවක් ගැනනේ.. ඔව් මේක Ebay සාප්පුවක්.. සිංහල හා දමිළ අවුරුද්ද නිසාදෝ ඔන්න Ebay අය විසින් http://fashion.ebay.com/ අඩවිය ලබන සදුදා නිල වශයෙන් විවෘත කරන බවට ආරංචියි.. මේකෙ ඉතිං ෂොපිං කරන්න ගියොත් අවුරුද්දක් ඉතුරු වෙයිද කියන එකත් ගැටලුවක් වෙන්න පුලුවන්. කොහොම උනත් විලාසිතා (Fashion) ආසාව / පිස්සුව තියෙන අයට එතනට ගියොත් බඩගිනි නම් වෙන එකක් නෑ..
මැතිවරණ නාඩගං තිබුනත් යුද ගිනි නැතිවට අවුරුද්ද හිතේ සැනසීමෙන් ජයටම සමරන්නට හැකි වේවායි පතන අතර, ගිණි කෙලි හා ගනුදෙනු කරද්දී ඊලග අවුරුද්දත් සමරන්න ආසාවක් ඇතිව පරිස්සම් සහිතව ඒවා කරන්න වගබලා ගනු මැනවි... ඒ ටික තමයි කියාගන්න ඕන උනේ.. එහෙනම් මම නවතිනවා. පොඩි Post එකකට මෙච්චර පිටුවක් Load කරගෙන ආවාට, මට බනින්නේ නැතුව පොඩි ප්‍රතිචාරයක් දක්වලා යන්න අමතක කරන්න එපා..
Share

